Connect with us

පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමට සැලසුම් කෙරේ

Published

on

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතය.

මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමේ  වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පළ 1964 වසරේදී ආරම්භ කර ඇති අතර, දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදුකෙරේ කෙරේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (23) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්වරුන්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

දුම්රියක ගැටී වනඅලියෙක් මරුට

Published

on

By

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ.

අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ, මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවය.

වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවටද ගම්වාසීන් චෝදනා කරයි.

මෙම වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීහු පෙන්වා දෙති.

වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බවය.

Continue Reading

පුවත්

ගුවන්තොටුපලේදීම තාවකාලික රියදුරු බලපත්‍ර

Published

on

By

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතය.

දැනට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යා යුතුය .

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙන්වා දීමෙන් අනතුරුව, මෙම තීරණය ගත් බවය.

මෙම නව වැඩපිළිවෙල ලබන මස තුන් වැනිදා (අගෝස්තු 03) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. 

Continue Reading

පුවත්

“පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම” නැවත සලකා බලන ලෙස ඉල්ලීමක්

Published

on

By

මෙරට ග්‍රාමීය ජනතාව අතර පමණක් නොව නාගරික අඩු අදායම්ලාභීන් අතර පවා පොල්තෙල් යනාදි ඇතැම් භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සිල්ලර ප්‍රමාණවලින් මිස ඉහළ ප්‍රමාණයක් මිලදී ගැනීමට තරම් ශක්තියක් නැති බව  ‘සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය’ සඳහන් පෙන්වා දෙයි.

පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කිරීම සඳහා රජය ගෙන එන්නට බලාපාරොත්තුව නීතිය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් එම ව්‍යාපාරය විසින් මේ බව සඳහන් කරන ලදී.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව පොල්තෙල් සිල්ලරට විකිණීමට නොහැකි වන අන්දමට නීතියක් ගෙන ඒමට රජය සුදානම් වන්නේ නම් එය නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ජන ජීවිතයේ සරල සංස්කෘතික ජීවන රටාවට හානිදායක වන තීරණ ගැනීමෙන් වැළකී සිටින ලෙසය.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්, 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved