Connect with us

පුවත්

කොළඹ වෙඩි තැබීමකින් 8ක් රෝහලේ

Published

on

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේ (01) සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

(අද දෙරණ)

පුවත්

සජබ ආසන සංවිධායක මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී භාරදී තිබේ.

චමින්ද විජේසිරි මහතා මීට පෙර 2024 ජනවාරි මස 09 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්විය.

එහිදී ඔහු කියා සිටියේ ඒ වන විට පාර්ලිමේන්තුවේ සිටි 225 දෙනාටම ජනතාව ශාප කරන බැවින් තමන්ට තවදුරටත් හෘද සාක්ෂියට එකඟව මන්ත්‍රීවරයෙකු ලෙසට පාර්ලිමේන්තුවේ රැදී සිටිය නොහැකි බවය.

Continue Reading

පුවත්

COVID – 19 ගැන අනියත බියක් ඇතිකර නොගන්න

Published

on

By

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම තත්ත්වයට  ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් හේතු විය හැකි බවත්, මෙය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවත්, අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ලේකම්වරයාගේ නිවේදනයට අනුව COVID – 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල් වල අඛණ්ඩ ව සිදුවෙමින් පවතී. එමෙන්ම ආවේක්ෂණයට අනුව දැනට. COVID 19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. තවද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වන බව ද නිවේදනයේ දක්වා ඇත.

කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි බව ද, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතන බව ද කෙසේ වෙතත්, වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් වැනි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛ ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කර ගනිමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවැරදි සහ කාලීන තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා මනා සුදානමකින් පසුවන අතර, ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රෝහල් පද්ධතිය ද සූදානම් කර ඇත.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

Continue Reading

පුවත්

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

Published

on

By

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved