ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දිර්ඝ කාලීනව පවතින ණය හේතුවෙන් එයට විකල්පයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලීය සිදුකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) පැවතී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්ය.
ඒ සඳහා මේ වන විට ආයෝජකයින් 07 දෙනෙකු පමණ ඉදිරිපත්ව ඇති අතර එහි සියලු කටයුතු රාජ්‍ය භාණ්ඩාගාරය විසින් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් කටයුතු වසර 30ක පමණ කාලයක් පෞද්ගලීක අංශයට ලබාදීමට නියමිත බවද ඔහු කියා සිටී.
කොළඹ වාරය සංවර්ධනය අදානි සමාගම හා චීන සමාගමක් විසින් සිදුකරන අතර එහි ඉදීරී වැඩකටයුතු ද පෞද්ගලීක ආයෝජකයන්ට ලබාදීම සුදුසු බව අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ත්‍රීකුණාමලය වාරය සංවර්ධනය සඳහා ඉන්දීය රාජ්‍ය සමඟ විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර මෙම ක්‍රියාවලීය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙලෙස අදහස් දැක්වීය.
“දැන් තරඟකාරීත්වය සැහෙන තියුණු වෙලා තියෙනවා.අපිට මේ වෙද්දි පර්යන්ත 05ක් තියෙනවා.හැබැයි දැන් කෝකටත් තෛලය අදානි.දැන් ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරද්දි සියල්ලම අදානි සමාගමට.මේ පිළිබඳ ඉන්දියාවේ විපක්ෂ නායකයෝ පවා ප්‍රශ්න කරනවා.“