Connect with us

පුවත්

කෝටිපතියෝ මෙදා ඡන්දෙට පස්ස ගහලා

Published

on

කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන්මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට කිරීම 70%කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ආර්ථික අර්බුදය, දේශපාලනය සම්බන්ධයෙන් ඇති යම් යම් කලකිරීම්, පවතින දේශපාලන වටපිටාව තුළ පෙරලා ප්‍රතිලාභ ලබා ගත නොහැකියි යන සිතුවිල්ල යනාදී කාරණා මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවය.

මේ හේතුවෙන් බොහෝ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු ඇල්මැරුණු තත්වයක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කලේය.

මේ අතර, අධික වියදම් හේතුවෙන් අපේක්ෂකයන් පෞද්ගලිකව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වියදම් කිරීමද හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩු කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් වියදම් කිරීමද දෙගුණයකින් පමණ අඩුවී ඇති බවත්, බොහෝ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇති බව පෙනී යන බවත් ඔහු සඳහන් කලේය.

මේ අතර, මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 8000න් සෘජුව ප්‍රචාරක කටයුතුවලට යොමු වී සිටින්නේ 7000කට ආසන්න පිරිසක් පමණක් බව පෙනී යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved