Connect with us

පුවත්

කෝටිපති මැණික් මුදලාලි කරගෙන ගිය ගව ඝාතකාගාරයක් මාට්ටුවෙලා

Published

on

කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු විසින් වැලිපැන්න ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා මැණික් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පෙරේදා (26) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සොරා ගන්නා ලද මී ගවයන් 13 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම්කර සිට ඇති අතර එම සතුන් ද පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බේරාගැනීමට හිටපු ජනාධිපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිස් නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ද පැවසේ.

එම බලපෑම් හමුවේ නොසැලී කටයුතු කළ පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ 3ක අල්ලස් මුදලක් ඒ මොහොතේම ලබාදී බේරී යෑමට මැණික් ව්‍යාපාරිකයා දැඩි උත්සහයක් ගත්ත ද එය ද ව්‍යාර්ථ වී තිබේ.

පොලිසියට බලපෑම් කළ හිටපු ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දේශපාලනඥයකු බවද වාර්තා වෙයි.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු ඔත්තුවකට අනුව පෙරේදා අලුයම මෙම වැටලීම කර තිබිණි.

වැලිපැන්න පොලිසියට මීටර් 800ක් පමණ ආසන්නයේ පිහිටා තිබූ මෙම හොර හරක් ඝාතකාගාරය දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත්තේ ඇතැම් පොලිස් නිලධාරින්ගේ ද ආශිර්වාදය මැද්දේ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම ගව ඝාතනාකාගරය පවත්වා ගෙන ගිය මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයා සංවිධානාත්මක කණ්ඩායමක් යොදාගෙන තිස්සමහාරාම, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ ගණනාවකින් මීගවයින් සොරාගෙන දක්‍ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ එම සතුන් ප්‍රවාහනය කර වැලිපැන්න ගව ඝාතකාගාරය වෙත රැගෙන එන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකාර මැණික් ව්‍යාපාරිකයා දේශපාලනඥයන් ඇතැම් උසස් පොලිස් නිලධාරීන් සමග සමීප සබඳතා පවත්වාගෙන යමින් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

(දිවයින)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved