රුපියල් කෝටි හතකට අධික වටිනා අධිබලධාරිතාවයෙන් යුත් මිළ අධික මෙරටට ආනයනය තහනම්වූ යතුරු පැදි 8 ක් සමග ව්‍යාපාරිකයකු රත්තනපිටිය, විශ්වවිද්‍යාල පාර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය දූෂණමර්දන ඒකකය මගින් පෙරේදා 24 වැනිදා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (40) ක්ද වන ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකුද වන බවත් පොලීසිය පවසයි.
මෙම වැටලීම බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත ගල්කිස්ස කොට්ඨාශයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරකට අනුව බොරලැස්ගමුව පොලිස් දූෂණ මර්දන ඒකකය නිලධාරීන් විසින් සිදු කරනු ලැබ ඇත.
ව්‍යාපාරිකයාගේ ගබඩා කාමර පරීක්ෂාවට ලක් කිරීමේදී ලියාපදිංචි කරතිබූ බවට හැගවෙන ලියකියවිලි ඉදිරිපත්කල යතුරු පැදි 6 ක්ද , ව්‍යාපාරිකයාට ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කල නොහැකිවූ යතුරු පැදි 2 ක්ද පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇත.
ඒ අතර යමහා, හොන්ඩා, සීබීආර්, බීඑම්ඩබ්ලිව්, කේපීඑම්, කවසාකි, අගුස්තා, ඩුකාටි යන වර්ගයේ එකක් රුපියල් ලක්ෂ 80 කට අධික වටිනා අධි ධාරිතා යතුරු පැදි වන බවත් පොලීසිය කියයි.
ලියාපදිංචි කල යතුරු පැදිද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෝටරථ ප්‍රවාහන කොමසාරිස්, කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්ද යන සැකය මත සියලු යතුරු පැදි හා ලිපිලේඛණ ව්‍යාජ ඒවාද යන්න පරීක්ෂාවට ලක් කිරීම සදහා එම දෙපාර්තමේන්තුව නිලධාරීන් හා රසපරීක්ෂක අංශ නිලධාරීන් වෙත ඉදිරිපත් කර පරීක්ෂණ කටයුතු සිදු කිරීමටද නියමිත බවත් පොලීසිය කියයි.