Connect with us

පුවත්

‘කෝල් ටර්මිනේෂන්’ ජාවාරම ජයටම කරන රොකීලා

Published

on

මෙරට ක්‍රියාත්මක ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරමක් හේතුවෙන් ටෙලිකොම්, මොබිටෙල් ප්‍රධානව සෙසු දුරකථන ජාලාවලට මෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ද ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වෙමින් ඇතැයි වාර්තා වේ.

මෙවැනි ඒක් ජාවාරම්කරුවකු විසින් දිනකට රුපියල් මිලියන 2-5 ත් අතර අධික මුදලක් ගසා කමින් සිටින බවට මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන ආයතන වෙත තොරතුරු ලැබී ඇතැයි පැවසේ.

මේ පිරිස් එක දිනකට පමණක් IDD විනාඩි ලක්ෂයකට අධික ප්‍රමාණයක් මෙසේ හොර පාරේ යවමින් විශාල මුදලක් ගසාකන බව පැවසේ.

මෙම කෝල් ටර්මිනේෂන් ජාවාරම අල්ලා ගත හැකි උපකරණ ටෙලිකොම් සමාගම සතුව පවතින අතරම ඒ සඳහා fraud management නමින් වෙනම අංශයක් ද ටෙලිකොම් සමාගම ස්ථාපනය කර තිබේ.

fraud management අංශය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නෙට්වර්කින් අංශයට අනුයුක්ත බව පැවසෙන අතර එය මූල්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වෙද්දී ඉතා හොදින් ක්‍රියාත්මක වූ අංශයක් බවද වාර්තා වේ.

එහි වත්මන් ප්‍රධානීන් විදෙස් දුරකථන ආදායම දිනෙන් දින පහල වැටීම සම්බන්ධයෙන් වට්ස්ඇප්, වීචැට්, ඉමෝ, වයිබර් හා මැසෙන්ජර් වැනි අන්තර්ජාල යෙදවුම් වල පැමිණීම හුවාදක්වමින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ දිනෙන් දින මඟහරිමින් සිටින බවද පැවසේ.

මේ අතර, අදාළ ව්‍යාපාරය මේවන විට විශාල වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ ගම්පොල ප්‍රදේශයෙන් ‌කොළඹට පැමිණ සිටින රොකී නැමැත්තෙකු විසින් බවට පරීක්ෂණ අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි ද පැවසේ.

අදාළ තැනැත්තා මේ වංචාව සම්බන්ධයෙන් මීට පෙරද පොලිස් අත්අඩංගුවට පත්වූවෙක් බව වාර්තා වේ.

මේ වනවිට මේ සම්බන්ධයෙන් පවතින දඩ මුදල් රුපියල් දස දහසක් වැනි අවම තත්ත්වයක පැවැතීම නිසා මේ ජාවරමට සම්බන්ධවූවන් එය නැවත නැවත සිදු කරන බව ආරක්ෂක අංශවල මතය වේ.

එසේම ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙවැනි ජාවාරම්කරුවන් ත්‍රස්තවාදී කටයුතු සදහාද සහය වන බැවින් ඹවුන් රදවාගෙන ප්‍රශ්න කිරීම මගින් මේ ජාවාරම් මුලිනුපුටා දැමිය හැකි බවද ආරක්ෂක අංශ කියා සිටී.

රොකී නැමැත්තා එංගලන්ත ජාතිකයකු ලෙස පෙනී සිටිමින් එරට දුරකථන අංකයක් භාවිතා කරන්නකු ලෙසද පරීක්ෂණ අංශ තහවුරු කරගෙන ඇති බව පැවසේ.

මීට අමතරව ඔහු උණ්ඩියල් ක්‍රමයට මුදල් යැවීම සම්බන්ධයෙන් ද පොලිස් ඇස ගැසුනෙකු බව පැවසේ.

පරීක්ෂණ අංශවල උදාසීන බව නිසා මෙවැනි ජාවාරම්කකරුවන්ව අල්ලා ගැනීම දිනෙන් දිනම ප්‍රමාද වන බවට ද ‌දුරකථන ජාලා ප්‍රධානීන්ගෙන් චෝදනා එල්ලවී ඇත.

මේ අතර, මෙම ජාවාරමට සම්බන්ධ බවට මීට පෙර හිටපු සභාපතිවරුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම හිටපු ජනපති ලේකම්වරුන්ට ද මාධ්‍ය මගින් චෝදනා එල්ල කර තිබිණි.

වසර 2021දී ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් බදු හා ලාභාංශ වශයෙන් රජයට රු. මිලියන 25,000ක් ලබාදී තිබේ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved