Connect with us

පුවත්

ගංවතුර තත්ත්වය ඇතිවීම පිළිබඳ වාර්තාවක් සති දෙකක් තුළ

Published

on

කොළඹ දිස්ත්‍රික්කය තුළ  ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු  ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව මෙම ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර  අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු හඳුනා ගෙන ඊට විසඳුම් සෙවීම සඳහා රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.  

පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත්, ස්වභාවික හේතූන් මෙන්ම අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් ද ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව හඳුනා ගත් බවත් සාගල රත්නායක මහතා පැවසීය.  

ඒ අනුව ඉදිරියේදී නැවත එවැනි ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්  ඒ.සී.එම්. නෆීල් යන මහත්වරුන්, අදාළ ආයතන ප්‍රධානීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න ඇමරිකාව එකඟ වෙයි

Published

on

By

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙම හමුවේදී මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුව තිබේ.

එහිදී අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට ඇමරිකානු තානාපතිනිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එකගතාවය පළකර ඇත.

එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේ දී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එම කටයුතු දියත් කරන ආකාරය පිළිබඳවත් එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කර ඇත.

මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා රජයන්, රජයන් අතර සාකච්ජා කොට මෙරටට අත්‍යවශය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව ද පැවසුවේය.

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සියලු දෙනාගේ ම අදහස් යෝජනා ලබා ගෙන නව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඊට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහි දී ඇමරිකානු තානාපතිවරිය මෙරට මාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් සකස්කිරීමේ සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කර ගෙන තිබේ.

මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සඳහා ඇමරිකානු රජය ලබා දුන් සහාය සිහිපත් කළ අමාත්‍යවරයා ඇමරිකාවේ පරිත්‍යාගයක් ලෙස 1973 වසරේ දී මෙරට ස්ථාපිත ත්‍රීපෝෂ ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ දියුණුව පිළිබඳව ද ඇමරිකානු තානාපතිනියට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

සාකච්ඡාවට එක්වූ ඇමරිකානු තානාපතිනිය පැවසුවේ මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි අනාගත වර්ධනයන් ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික, දැනුම සහ භෞතික වශයෙන් ද ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන් ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවය.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාල නියෝජනය කරමින් සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.       

 

Continue Reading

පුවත්

හිරණ වෙඩිතැබීමක්

Published

on

By

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙම වෙඩිතැබීම කුඩු සළිඳු සහ නිලංග අතර ගැටුමේ කුඩු සළිඳු පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමක් බවටද පොලීසිය සැක කරයි.

Continue Reading

පුවත්

අදත් තැනින් තැන වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි.

ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved