Connect with us

පුවත්

ගතවූ හත් වසර තුළ ප්‍රමිතියෙන් තොර ඖෂධ 587ක් ඉවතට

Published

on

ගතවූ වසර හත තුළ ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග 587 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

2017 වසරේදී ඖෂධ වර්ග 93 ක්, 2018 වසරේදී ඖෂධ වර්ග 85 ක්, 2019 වසරේදී ඖෂධ වර්ග 96 ක්, 2020 වසරේදී ඖෂධ වර්ග 77 ක්, 2021 වසරේදී ඖෂධ වර්ග 85 ක්, 2022 වසරේදී ඖෂධ වර්ග 86 ක් හා 2023 වසරේදී මේ දක්වා ඖෂධ වර්ග 65 ක් භාවිතයෙන් ඉවත් කර තිබේ.

‘‘ප්‍රමිතියෙන් තොර ඖෂධ ලැබීම මේ වසරේ පමණක් සිදුවූ දෙයක් නෙවෙයි. මීට පෙර වසරවලද සිදු වෙලා තියෙනවා. නියමිත ක්‍රමවේද අනුගමනය කරන්නේ රෝගී ආරක්ෂාව වෙනුවෙන්. දේශීය වශයෙන් නිපදවන ඖෂධ මෙන්ම ලියාපදිංචි කළ ආනයනික ඖෂධද ප්‍රමිතියෙන් තොර බව පරීක්ෂණවලදී අනාවරණය වුවහොත් ඉවත් කරනවා’’ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවැසුවේය.

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධ වර්ග 278 න් එක් ඖෂධයක් පමණක් ප්‍රමිතියෙන් තොර බව හෙළිවී තිබේ. හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගත් ඖෂධ වර්ග 308 න් එක් ඖෂධයක් පමණක් ප්‍රමිතියෙන් තොර බව හෙළිවී තිබේ. එවැනි ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට හැකිවන්නේ පරීක්ෂාවට ලක්කරන නිසා බවද අතිරේක ලේකම්වරයා කීවේය.

කිසියම් ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සකස් කිරීමේදී, නිෂ්පාදනයේදී, ඇසුරුම් කිරීමේදී, ලේබල් කිරීමේදී, නැව් ගත කිරීමේදී, ගබඩා කිරීමේදී, රෝහල්වලට ප්‍රවාහනය කිරීමේදී ,නිවැරදි උෂ්ණත්වය නොමැති අවස්ථාවකදී, ඖෂධ ප්‍රමිතියෙන් තොර විය හැකි බවත් ඔහු කියා සිටියේය.

(අරුණ)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved