Connect with us

පුවත්

ගනේමුල්ලේ සංජීව CIDයට; හරක් කටා ඉස්පිරිතාලෙට

Published

on

ආගමන විගමනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මාකිලංගමුවේ සංජීව’ ‌හෙවත් “ගනේමුල්ලේ සංජීව” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් වෙත පෙරේදා 12 රාත්‍රි බාර දුන් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක් පිටිය මහතා පැවසීය.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමට භාර දුන් බව කී ඒ මහතා එම පුද්ගලයා මෙරටට පැමිණ ඇති ගමන් බලපත්‍රය සකස් කර ඇත්තේ විදේශ රටකින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද කීවේය.

සැකකාර පුද්ගලයා ව්‍යාජ ලෙස සකස් කළ ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් කටාර් රාජ්‍යයට ගොස් නැවත කත්මණ්ඩු නගරය වෙත පැමිණ ඇති බව විමර්ශන අනාවරණය කළ බවත් කී ඒ මහතා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙරටට පැමිණීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් කීවේය.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

හරක් කටාට හාර්ට් ඇටෑක් එකක්

මේ අතර, නදුන් චින්තක නොහොත් හරක් කටා ඊයේ (14) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට සහ පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.

ඒ, ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved