Connect with us

පුවත්

ග්‍රාම නිලධාරි වැටුප් – දීමනා ඉහළට

Published

on

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත.

ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය.

අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ .

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විෂය භාර කැබිනට් අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තමන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් මෙම ජයග්‍රහණය ග්‍රාම නිලධාරිවරුන් වෙත ලබාදීමට කටයුතු කළ බවය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිල මැදුරේදී 2024.05.20 දින පැවති සාකච්ඡාවේදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්ට මෙම විසඳුම පිළිබඳ කරුණු පැහැදිලි කර ඇති බවද ඔහු ප්‍රකාශ කලේය.

ඒ අනුව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි මහජන සේවාවක් පවත්වාගෙන යාම සඳහා, ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නැංවීම පිළිබඳ 2024.03.11 අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය හිමිව ඇති බවද, අනන්‍ය වැටුප් තලයකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද, ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සේවය ස්ථාපිත කිරීම සඳහා, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය(කෙටුම්පත), රජය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේවනවිට ඉදිරිපත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, වැඩිදුරටත් කියා සිටියේ නව ග්‍රාම නිලධාරී පත්වීම් 1942ක් ලබාදීමද ලොකු ජයග්‍රහණයක් බවය.

සබැඳි පුවත්

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved