Connect with us

පුවත්

ගැබිණි මව්වරුන්ට අනතුරු ඇඟවීමක්

Published

on

චිකුන්ගුන්‍යා සහ ඩෙංගු රෝග ද්විත්වයම එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කෙරිණි.

ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරු විශේෂයෙන් මෙම රෝගය ඇති වන බවත්, එක් අයෙකුට ඉහත රෝග ද්විත්වයම තිබිය දී ඔහුට හෝ ඇයට දැඩි වේදනාවක් දැනිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් විය.

යම් හෙයකින් ප‍්‍රසූත අවස්ථාවක දී මවකට චිකුන්ගුන්‍යා වෛරසය වැළඳුණහොත්, ගබ්සා වීමක් සිදු විය හැකි බවද මෙහිදී  අවධාරණය කර සිටින ලදී.

එමෙන්ම දරුවා බිහිවීමෙන් පසුව මවකට මෙම වෛරසය ආසාදිතව සිටීනම්, දින 03-07කට පසුව අලුත උපන් බිළිඳාට ද වෛරසය බෝ විය හැකි බවත්, එහිදී දරුවා මව්කිරි නොබීම, කුෂ්ඨ සෑදීම, අධික උණ සමග මොළේ උණ වැනි සංකූලතා හටගැනීම සිදුවිය හැකි බවද සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන ලදී.

පුවත්

දුම්රියක ගැටී වනඅලියෙක් මරුට

Published

on

By

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ.

අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ, මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවය.

වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවටද ගම්වාසීන් චෝදනා කරයි.

මෙම වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීහු පෙන්වා දෙති.

වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බවය.

Continue Reading

පුවත්

ගුවන්තොටුපලේදීම තාවකාලික රියදුරු බලපත්‍ර

Published

on

By

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතය.

දැනට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යා යුතුය .

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙන්වා දීමෙන් අනතුරුව, මෙම තීරණය ගත් බවය.

මෙම නව වැඩපිළිවෙල ලබන මස තුන් වැනිදා (අගෝස්තු 03) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. 

Continue Reading

පුවත්

“පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම” නැවත සලකා බලන ලෙස ඉල්ලීමක්

Published

on

By

මෙරට ග්‍රාමීය ජනතාව අතර පමණක් නොව නාගරික අඩු අදායම්ලාභීන් අතර පවා පොල්තෙල් යනාදි ඇතැම් භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සිල්ලර ප්‍රමාණවලින් මිස ඉහළ ප්‍රමාණයක් මිලදී ගැනීමට තරම් ශක්තියක් නැති බව  ‘සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය’ සඳහන් පෙන්වා දෙයි.

පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කිරීම සඳහා රජය ගෙන එන්නට බලාපාරොත්තුව නීතිය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් එම ව්‍යාපාරය විසින් මේ බව සඳහන් කරන ලදී.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව පොල්තෙල් සිල්ලරට විකිණීමට නොහැකි වන අන්දමට නීතියක් ගෙන ඒමට රජය සුදානම් වන්නේ නම් එය නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ජන ජීවිතයේ සරල සංස්කෘතික ජීවන රටාවට හානිදායක වන තීරණ ගැනීමෙන් වැළකී සිටින ලෙසය.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්, 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved