Connect with us

පුවත්

ගිය අවුරුද්ද‌ේ සාධුලා 1890ක් සිවුරු හැරලා

Published

on

පසුගිය 2022 වසරේ දී භික්ෂූන් වහන්සේ එක්දහස් අටසිය අනූ දෙනෙක් උපැවදි වී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41 වැනි වගන්තිය අනුව සාමණේර උපසම්පදා ස්වාමීන්වහන්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරයි.

ඒ අනුව 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයේ දී සාමණේර ස්වාමින් වහන්සේ 3286ක් ලියාපිදිංචි කර ඇත.

උපසම්පදා ස්වාමින් වහන්සේ 1831ක් ද භික්ෂු හැඳුනුම්පත් 154ක් ද නිකුත් කර ඇත.

එමෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව භික්ෂුන්වහන්සේ 1890 දෙනකු සඳහා උපැවැදි සහතික නිකුත් කර තිබේ.

බෞද්ධ විහාර දේවාලගම් පනතට අනුව පැවැදි දිවියට ඇතුළත් වන සහ උපසම්පදාව ලබන සියලු භික්ෂුන්වහන්සේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. එම ආඥා පනත බලාත්මක වූ දින සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 දක්වා සාමණේර ලේඛන එක්ලක්ෂ දහසයදහස් දෙසීය අසූහයක් (116286) ද උපසම්පදා ලේඛන පනස් නවදහස් හයසිය අසූ පහක්ද (59685) ලියාපදිංචි කර ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හයිලෙවල් පාරේ කොටසක් ජලයෙන් යටවෙයි

Published

on

By

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

Continue Reading

පුවත්

රජයේ දේපළ අවභාවිතා වෙනවද?

Published

on

By

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකිය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ එලෙස නිවැරදි තොරතුරු දන්වන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවය.

එමෙන්ම, එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවයද ආරක්‍ෂා කෙරෙන බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved