කාලයක් තිස්සේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිට පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස්වූ සුගීශ්වර බණ්ඩාර මහතා නිමල් ලන්සා මහතා විසින් පිහිටුවන ලද නව සන්ධානයෙන් අද (25) සිය දේශපාලන කටයුතු ආරම්භ කළේය.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා වන්නේද සුගීෂ්වර බණ්ඩාර මහතාය.
එම සන්ධානය විසින් අද කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන රැළිය ද අමතනු ලැබීය.
මේ රැළියට පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආසන්නයේ සිටි විශාල පිරිසක්ද සහභාගිවී සිටීම කැපී පෙනුනි.
අදාළ සන්ධානය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මීළඟ ජනපතිවරණයේදී සහය දෙන බව මේවන විට ප්‍රසිද්ධියේ පවසා තිබේ.