Connect with us

පුවත්

ගෝල් ෆේස් හි දී දැරියක් පැහැරගන්න ගිය තැත වරදී

Published

on

සිය දෙමව්පියන් සමග කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණ සිටි අවුරුදු හතක වයස දැරියක් පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු කොටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ සැකකරු විසින් දැරියව පැහැරගෙන පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී එම දැරියගේ මවුපියන් උදව් ඉල්ලා කෑ ගසා ඇති බවත්, ඒ අනුව මෙම සැකකරුව අල්ලා මෙල්ල කර කොටුව පොලිසියට බාරදී ඇති බවත්ය.

සැකකරු, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් බව පැවසේ.

පුවත්

දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හයිලෙවල් පාරේ කොටසක් ජලයෙන් යටවෙයි

Published

on

By

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

Continue Reading

පුවත්

රජයේ දේපළ අවභාවිතා වෙනවද?

Published

on

By

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකිය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ එලෙස නිවැරදි තොරතුරු දන්වන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවය.

එමෙන්ම, එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවයද ආරක්‍ෂා කෙරෙන බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved