Connect with us

පුවත්

චැනල් 4 වීඩියෝව ගැන බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාල විමර්ශනය

Published

on

චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි “අද දෙරණ” වාර්තා කර තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව පසුගිය දා වීඩියෝ පටයක් නිකුත් කළ අතර එයින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට ද චෝදනාවක් එල්ල කර තිබුණි.

තමන් විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව නිසි පිළිතුරු ලබාදී තිබියදීත් චැනල් 04 නාළිකාව විසින් සිතාමතා තමාව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවට සුරේෂ් සලෙයි මහතා විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දී ඇත.

ඒ අනුව  අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් දැනුම්දුන් බව රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාගේ නීතීඥ පසන් වීරසිංහ මහතා කියූ බවද ‌අද දෙරණ කියා සිටී.

නීතීඥ පසන් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ වීඩියෝ පටය නිකුත් කිරීමට පෙර චැනල් 4 නාළිකාව පසුගිය අගෝස්තු මස 07 වනදා සුරේෂ් සලෙයි මහතාගෙන් එම චෝදනා පිළිබඳව කරුණු විමසීමක් සිදුකර තිබූ බවය.

එමෙන්ම  එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර තමන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද රැඳී නොසිටි බවට ද සුරේෂ් සලෙයි මහතා විසින් ඊට පසුදිනම එම නාළිකාවට ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බව නීතීඥ පසන් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ වීඩියෝව මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට පාස්කු ප්‍රහාරය සිදු කළ බවට චෝදනා එල්ලකර තිබේ.

කෙසේවුවද, දෙරණ නාලිකාව හා එහි ප්‍රධානී දිලිත් ජයවීර මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒ්මට විශාල දායකත්වයක් දැක්වූ බව ප්‍රසිද්ධ රහසකි.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved