චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උප අමාත්‍ය – සුන් වෙයිඩොංග් මහතා ප්රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම දූත පිරිස ජුනි 01දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවත්, ඔවුන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ දෙරට අතර පැවැත්වෙන 12 වැනි රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටයේ ශ්‍රී ලංකාව හා සම සභාපතිත්වය දරනු ඇති බවත් එහි දැක්වේ.
දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව මෙන්ම තේමාත්මක සහයෝගීතාව සහ මිනිසුන් අතර සම්බන්ධතා ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සබඳතාවල තත්ත්වය තක්සේරු කිරීමට සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවද එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
මෙම සංචාරයේදී සුන් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවීමට නියමිත බවද එහි වැඩිදුරටත් දැක්වේ.
තවද, මෙම දූත පිරිස ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් හා එක්ව දෙවනගල පිහිටි ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව ගම්මානය නැරඹීමට ද නියමිතය.