Connect with us

පුවත්

චීනය හා “නව සීතල යුද්ධයක්” නෑ – බයිඩ්න්

Published

on

ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් හා චීන ජනපති – ෂී ජින්පිං අතර සාකච්ඡාවක් ඊයේ (14) ඉන්දුනීසියාවේ බාලි දූපතේදී පැවත්වුණි.

ඒ, එහි පැවැත්වෙන G20 සමුළුවට සමගාමීවය.

බයිඩ්න් මහතා ඇමෙරිකානු ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසුව ඔහු චීන ජනපතිවරයාව මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර, මෙම සාකච්ඡාව පැය 03ක කාලයක් පුරාවට පැවති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් මහතා පවසා ඇත්තේ චීනය සමඟ “නව සීතල යුද්ධයක්” ඇති වීමට හේතුවක් නැතැයි විශ්වාස කරන බවයි.

චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු පවසා ඇත.

මෙහිදී අදහස් දක්වමින් චීන ජනපති – ෂී ජින්පිං මහතා පවසා ඇත්තේ මේ වන විට දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50කට වැඩි කාලයක් වන බවත්, එම කාලය තුළදී වාසි, පාඩු මෙන්ම අත්දැකීම් සහ පාඩම් ද ලැබී ඇති බවයි.

දැනට පවතින චීන – ඇමෙරිකානු සබඳතා දෙරටේ හා එහි ජනතාවගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් යෝග්‍ය නොවන බවත්, එය ජාත්‍යන්තර ප්‍රජාවද දෙරටින් බලාපොරොත්තු වන දේ ද නොවන බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ලොව ප්‍රධාන රටවල් දෙකක නායකයින් ලෙස, නායකත්ව කාර්යභාරය ඉටු කළ යුතු අතර,චීන – ඇමෙරිකානු සබඳතා සඳහා නිවැරදි මාවතක් කරා යොමු විය යුතු බවත්, චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

චීන – ඇමෙරිකානු උපායමාර්ගික වැදගත්කම පිළිබඳව මෙන්ම කලාපීය හා ගෝලීය පිළිබඳව බයිඩ්න් මහතා සමග අවංක හා ගැඹුරු අදහස් හුවමාරුවකට සැමවිට සූදානම් බවද චීන ජනපතිවරයා පවසා ඇත.

දෙරටේ හා සමස්ථ ලෝකයේ සුභසිද්ධිය උදෙසා චීන – ඇමෙරිකානු සබඳතා යළි යහපත් මාවතකට යොමුකරමින් ස්ථාවර වර්ධනයක් කරා යාමට එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ෂී මහතා සඳහන් කර ඇත.

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved