Connect with us

පුවත්

චීන තානාපති – කථානායක අතර හමුවක් (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති – චී ජන්හොන්ග් මහතා (Qi Zhenhong) හා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනවාරි 01දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද එක්විය. 

මෙම හමුවේදී තානාපතිවරයා විසින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ගරු ජාඕ ල’ජි (Zhao Leji) මහතාගේ (මහජන චීන සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුවේ කථානායක), නව වසර සඳහා වන සුබ පැතුම් පනිවුඩය කථානායකවරයා වෙත ලබා දෙන ලදී. 

නව වසරට සුබ පැතුම් එක් කරමින් තානාපතිවරයා දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම හුවමාරු වැඩසටහන් හරහා ඉදිරියේදී දෙරටේ ව්‍යවස්ථාදායක අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා,  පොළොන්නරුවේ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස තම අත්දැකීම් සිහිපත් කළ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබා දී ඇති චීන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කෘතඥතාව පළ කළේය. දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දසවැනි පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මෙරට ජනාධිපතිවරයාගේ පළමු චීන නිල සංචාරය සඳහා පවතින සූදානම පිළිබඳව කරුණු දැක්වූ චීන තානාපතිවරයා, මෙම ඓතිහාසික නිල සංචාරය, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවිමට වැදගත් වනු ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved