Connect with us

පුවත්

චූන් එකේ දුවන ගෑස් සිලින්ඩරේ (වීඩියෝ)

Published

on

”පරක්කු නෑ වෙනස් කරමු” යන තේමාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්‍රචාරක වැඩසටහන ඊයේ (30) සිට ආරම්භ කර තිබේ.

ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මේවන විට අන්තර්ජාලයට මුදා හැර අවසන්.

නැවතත් රට ප්‍රපාතයට වැටුනහොත් ඉන් මුදා ගැනීම පිණිස පළපුරුදු සිලින්ඩරය කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව එම ගීතයේ අදහස වී තිබේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන යන නායකයන් දෙපල යටතේ මේ මැතිවරණ මෙහෙයුම සිදු කරන බවද ඉන් පෙන්වීමට උත්සාහ කර ඇත.

මේ අතර, මෙවර ගෑස් සිලින්ඩරයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනු ලබන හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද සිය දේශපාලන කටයුතු ආරම්භ කරනු ලැබුවේ සිංදුවක් මුදාහරිමිනි.

“කොළඹ ඡන්ද ගීතය” (Colombo Vote Song) ඔහු එය නම් කර තිබේ.

පුවත්

හිටපු ජනපති ගෝඨාභය CID යෙන් පිටව යයි (Update)

Published

on

By

ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් ඇත.


(පෙර පුවත 2025 ජනවාරි 17 ප.ව 12:02)


හිටපු ජනපති ගෝඨාභය CIDයට එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට ත්‍රිවිධ හමුදා සහය

Published

on

By

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රමදායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධව සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පවත්වා ඇත.

එහිදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයත් තාක්‍ෂණික දැනුමත් යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහාත් අවධානය යොමුවී තිබේ.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතියි.

ගබඩාවන්හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්‍ෂාව සැපයීමටත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර ඇති බව සඳහන්.

”Clean Sri Lanka වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.

එම සාකච්ජාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ඒ.එල්. රාජගුරු, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව ඇත.

Continue Reading

පුවත්

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා ඇපපිට නිදහස්

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.

ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved