Connect with us

පුවත්

චෝදනා එල්ල වී ඇති වරායේ ලොක්කන්ට යුරෝපා සංචාරයක්  (වීඩියෝ)

Published

on

ත්‍රිකුණාමලය වරායට ජපන් ආධාර යටතේ ලැබුණු නවීන අධි තාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරට ලක්වීමෙන් රජයට රුපියල් කෝටි 22 ක අධික පාඩුවක් කළේ යැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානින් දෙදෙනෙකුට වර්තමාන ආණ්ඩුව යුරෝපා සංචාරයක් දී ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

එම යුරෝපා සංචාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ .ගණක හේමචන්ද්‍ර මහතා සහ ත්‍රිකුණාමලය වරායේ තවත් නිලධාරියෙකු ඇතුළු තිදෙනකු සහභාගි වන බවත් නියමු යාත්‍රාවට වූ පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයාගෙන් පාඩුව අය කරගන්නා ලෙස ඉල්ලා එම පෙරමුණ පසුගිය ජනවාරි මාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිළි කළ බවත් මහවත්ත මහතා කීය.

අදාළ පැමිණිල්ල භාර දී මාස 5කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඊට අදාළ විමර්ශන ආරම්භ වී නොමැති බවත් වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කර හෝ වැඩ තහනම් කර හෝ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

පුවත්

නිලන්තව පොලීසියෙන් නෙරපයි

Published

on

By

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කර ඇතිබව වාර්තා වේ. 

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන මහතා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුවය.

ඊට අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු එම කොමිසම ඊයේ (18) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන මහතාය. 

Continue Reading

පුවත්

“ගල් ඉබ්බා” මතුගමදී පොලීසියට කොටුවේ

Published

on

By

අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ගල් ඉබ්බා මතුගම බෝපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසිනි.

පොලීසිය සඳහන් කළේ , සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා හේතුවෙන් එරටින් පිටුවහල් කර ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතනයක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොයා ගත් , අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්නය.

සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

තලවතුගොඩ Austasiaහි වෙඩි තැබීමක්

Published

on

By

තලංග​ම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී අද අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇත.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ඔස්ට්‍රේසියා ස්පොට් ක්ලබ් සමාජ ශාලාව (Austasia Sports and Leisure Club)  පිහිටි භුමියේදී ය.

ව්‍යාපාරිකයෙක් සහ සුරාබදු නිලධාරියෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයා විසින් ඔහු සතුව තිබු බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරියා විසින් ගිනි අවිය උදුරාගෙන අසල පිහිටි තාප්පයක් වෙත වෙඩි පහර කිහිපයක් එල්ල කර ඇති බවයි වාර්තා වේ.

සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් රිවෝල්වර ගිනි අවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන් තිබේ. 

වෙඩි තැබිමේ සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුවී නොමැති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved