Connect with us

පුවත්

ඡන්දය වළක්වන්න කරපු හැමදේම අසාර්ථක වුනා. දැන් තියෙන්නේ ජයග්‍රහණයට කුමන්ත්‍රණ

Published

on

ජාතික ජන බලවේගය විසින් “පුනරුදයට රටම එකට” නමින් සංවිධානය කල කළුතර මහ රැලිය පසුගිය දා (29) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කලේ ඡන්දය වැළැක්වීම සඳහා ගත් පියවරයන් සියල්ල දැන් අසාඅර්ථක වී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් දෙගිඩියාවක් සැකයක් සාංකාවක් රට තුළ නිර්මාණය කළා. මීට පෙර ජනාධිපති ඡන්දෙට කල් තිබියදී ඊට කලින් ජනාධිපතිවරණය පැවැත්වූවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳව පාලක පංතිය කලබලවෙලා තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්දය නොතියා ඉන්න ගත් පියවරයන්, සාකච්ඡා දැන් අවසන් වෙලා තිබෙනවා. ජූලි මාසේ 17දා වන විට මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත්කරන්න, නාම යෝජනා කැඳවන්න, ඡන්ද දිනය තීන්දු කරන්න. ඡන්දය වැළැක්වීම සඳහා ගත් පියවරයන් සියල්ල අසාර්ථක වෙලා තිබෙන්නේ.

දැන් ඒගොල්ලන්ගේ ඊළඟ පියවර වෙලා තිබෙන්නේ ඡන්දයට මුහුණ දීලා, ජයග්‍රහණය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීම. ජනතාව සංවිධානය කරමින්, සංවිධානය කරමින්, ජනතාවට ආමන්ත්‍රණය කරමින් ඡන්ද ව්‍යාපාරයක් දියත් කරන්න රනිල් වික්‍රමසිංහ අද අපොහොසත් වෙලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් අද උත්සාහ දරමින් ඉන්නේ මාලිගය ඇතුලේ කුමන්ත්‍රණ දියත් කරමින් ඉන්නවා. අපි හොරණ මහජන ක්‍රීඩාංගණයේ ජනතාව අමතමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මාලිගාව ඇතුලේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත, කාවින්ද එක්ක කතා කරමින් ඉන්නවා. තැන තැන ඉන්න කණ්ඩායම් එක තැනකට ගෙනත් මැතිවරණය මුහුණ දීම සඳහා සැලසුම් හදමින් ඉන්නවා. උඩ කරන මාලිගා කුමන්ත්‍රණවලින් ජනතාවගේ නැගිටීම ආපසු හරවන්න බැරි බව තමයි මේ හොරණ ජනතාව ඒකරාශී වීමෙන් පෙන්නුම් කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ කඳවුර, සජිත් ප්‍රේමදාස කඳවුර, ජාතික ජන බලවේගය නියෝජනය කරන කඳවුර ලෙස කණ්ඩායම් තුනක් ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළ ගැසී සිටිනවා.

සජිත් පේමදාසට ජනාධිපතිවරණයට තරග වදින්න එයාට තිබෙන එකම සුදුසුකම එයාම කියන ආකාරයෙන්, පේමදාසගේ පුතාවීම පමණයි. සජිත් පේමදාස ජනාධිපති පේමදාසගේ පුතෙක් නොවුණා නම්, මොනවගේ වේවිද? එයා හොරණ නගර සභාවේ මන්ත්‍රීකමකටවත් සුදුසු කෙනෙක් නොවෙයි. දැන් සජිත් ගැන කතා කරවා, එයාගෙම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා. සජිත් කිව්වා එයාලගේ ආණ්ඩුවේ හොරකම් අල්ලන්න වැඬේ බාර දෙන්නේ සරත් ෆොන්සේකාට කියලා. අද ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලලා තියෙනවා. කැසිනෝ සල්ලි එන හැටි ගැන කිව්වා. ඒ නිසා සජිත්ගේ කඳවුර ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නැහැ.

එහෙත් රනිල්ගේ කඳවුර ගැන කතා කළ යුතුයි. ජනතාවගේ නැගිටීම මුළුමනින්ම පාවාදීලා, ජනතා  අපේක්ෂාවන් මුළුමනින්ම විනාශයට පත්කරලා, පැරණි විනාශකාරී ගමනේම මේ රට ඇදගෙන යන්න කැස කවන්නේ රනිල් වික්‍රමසිංහ කඳවුරයි. පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් තමන්ට අයවැයෙන් වෙන්කරපු මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගන්නවා. කාලය තව මාස දෙකයි. (ගහල යන්න තිබෙන බල්බ් එකක්.) මේ මහජනතාවගේ ධනය මුළුමනින්ම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න රනිල් වික්‍රමසිංහ සැලසුම්කර තිබෙනවා. දකුණේ ආණ්ඩුකාරවරයා අලුත් පත්වීම් ගණනාවක් දීලා තිබෙනවා. හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ තනතුරක්. ගොඩක් සභාපතිවරු පළාත් පාලන ඡන්දේ අපේක්ෂකයන් ඡන්දෙදි ඒ අය ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ව්‍යාපෘතිවලට යොදවන්නේ කොහොමද? ඒ ව්‍යාපෘතිය හදන්නේ කොහොමද? ඒවට මැදිහත් වෙන්නේ කොහොමද? කොන්ත්‍රාත් දෙන්නේ කාටද? තමන්ට ගානක් ගන්නේ කොහොමද? ඒකට දැන් ලක්ෂ්මන් යාපා හිටපු සභාපතිවරු පත්කර තිබෙනවා. මහජනයාගේ ධනය තමන්ගේ හෙන්චයියන් හරහා මැතිවරණ ව්‍යාපාරයට යෙදවීම සඳහා රනිල් කටයුතු කරමින් තිබෙනවා.

මහජනයාගේ ධනය උපයෝගී කරගෙන රනිල්ට පක්ෂ කණ්ඩායම්වලට විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන්කරමින් ඒ අය තමන්ගේ පැත්තට බිලීබාගන්න උත්සාහ කරනවා. විමධ්‍යගත අරමුදල්වලින් කෝටි 120ක් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 19 දෙනෙකුට දුන්නා. රිෂාඞ් බදුර්දීන්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, මාන්නප්පෙරුම, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, අලවතුවල මේ ආදී කණ්ඩායමට දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහජනයාගේ ධනය නාස්තිකරමින් ඉන්නවා. රනිල්ට ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් නැහැ. ආසන සංවිධායකයෙක් නැහැ. ඒ හින්දා රනිල් ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත්, ආණ්ඩු පක්ෂයේ නැති, තමන් තෝරාගත් මන්ත්‍රීවරුන්ටත් බාර් ලයිසන් දීලා, පෙට්ට්‍රල් ෂෙඞ්වල ලයිසන් දීලා මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස මෑත කිව්වා “මෑත කාලයේ බාර් ලයිසන් දීපු සියලුම බාර්වල ලයිසන් කැන්සල් කරනවා” කියලා. මම සජිත් පේමදාසගෙස් එකක් අහනවා “ඔයාට කියන්න පුළුවන්ද ඔයාගේ පක්ෂයේ කිසිවෙක් බාර් ලයිසන් ගත්තේ නැහැ” කියලා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට, රටේ මූල්‍ය ආයතනවලට මුදල් විනය ගැන කතා කරනවා. මුදල් විනය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහජනතාවට බදු ගහලා, දුෂ්කර තත්වයන් යටතේ මහජනයා ඒවා දරාගෙන එකතු කරගත් ධනය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන්න සැලසුම්කර තිබෙනවා. මේ මොහොතේ රනිල් කරන දේ බැලුවත් රනිල් වික්‍රමසිංහ පරාජය කළ යුතුමයි.

ජනතාවගේ ප්‍රාර්ථනය ‘වෙනසක්’ අවශ්‍යයි කියලා. උතුරේ දෙමළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් වෙනසක් අවශ්‍ය බව කියනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රී විලර් රියදුරන් හමුවුණාම කියන්නේ “මේ විදිහට තවදුරටත් යන්න බැහැ. වෙනසක් ඕනෑ” කියලා. ‘වෙනසක්’ බහුතර ජනතාවගේ අපේක්ෂාව. මොනවගේ වෙනසක්ද ඕනේ? රනිල් වික්‍රමසිංහට මේ වෙනස කළ හැකිද? පොහොට්ටු පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහල සහාය දෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. හැබැයි පොහොට්ටුවේ කිහිපදෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා, රනිල්ට සහාය දෙන බව. ඒ අය කවුද? පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාව, එයාර් පෝර්ට් එකේදි නිලධාරී මහතෙකුට පහර දුන්නු, අපචාර ක්‍රියාවලට සම්බන්ධ වුණු ගම්පහ ප්‍රසන්න රණවීර, කප්පම් ගැනීම හේතුවෙන් මහාධිකරණයෙන් අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ගම්පහ ප්‍රසන්න රණතුංග, බන්ධනාගාරයට මහ රෑ ගොස්, සිරකරුවන් මිදුලට අරගෙන, පිස්තෝල ඔලුවට තියලා, දණ ගස්සලා, තර්ජනය කරපු, මහනුවර ලොහාන් රත්වත්තේ ඇමති, ඔබ දන්න, මීගම්වේ නිමල් ලංසා, නැගෙනහිර කරුණා, නැගෙනහිර පිල්ලෙයාන්, අලුත් වෙනසක් වෙනුවෙන් සහාය රනිල් වික්‍රමසිංහට. මේ කණ්ඩායම කවුද? රට වෙනස් කිරීම වෙනුවෙන් දායකත්වයක් රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටා එක්වෙන ත්‍රාඩ කණ්ඩායමට ලබාදෙන්න පුළුවන්ද? දැනටමත් ඉන්න වජිර අබේවර්ධන, වගේ අය පැරණි අසාර්ථක ගමන තවදුරටත් ඉදිරියට ගෙන යන්නයි මේ ත්‍රාඩ කණ්ඩායම සූදානම් වෙන්නේ. ඔය ත්‍රාඩ කණ්ඩයම වෙත බලය ලබා නොදිය යුතුයි යන අධිෂ්ඨානයට ජනතාව එන්න ඕනෑ. එහෙම නම් සජිත්ගේ කණ්ඩායමට දෙන්න ඕනද? පව්. ඒ ගැන වැඩිය කියන්න ඕන නෑ.

ජේ.ආර්. ජයවර්ධන රට පාලනය කළ පසු බෑනා බලය ඉල්ලනවා. ප්‍රේමදාස රට පාලනය කළා. දැන් ඔහුගේ පුතා බලය ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ රට පාලනය කළා. දැන් ලැහැස්ති වෙනවා පුතා බලය ඉල්ලන්න. අපේ රටේ දේශපාලන බලයේ සුක්කානම කැරකුණේ පවුල් කිහිපයක් අතේ. පැරණි, විනාශකාරී, දූෂිත ප්‍රභූ පෙළැන්තිය අතටම යළි බලය ඉල්ලන්න එනවා. ඔවුන් කිසිවෙකුටත් මේ රටට කිසිදු වෙනසක් කරන්න බැහැ. එය කළ හැක්කේ හොරණ මහජන ක්‍රීඩාංගණයට මේ අවස්ථාවේ රැස්වෙන ඔබ වැනි රට පුරා විසිරී සිටින ජනතාවටයි. අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස සේවය කළ ඒ.පී.ඒ. ගුණසේකර මහතා මේ වේදිකාවේදී කීවේ කවදාවත් දේශපාලන වේදිකාවට නගින්න නොසිතූ බවයි. රවී සෙනෙවිරත්න මැතිතුමා, සම්පත් තුයියකොන්තා මැතිතුමා, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොයුරා වගේ බොහෝ දෙනෙකු අද ඒ කතාවම කියන්නේ අපි හැමදෙනාටම මේ රට වෙනස් කිරීමේ වේදිකාවට ගොඩවෙන්න බල කර ඇති නිසයි. මේ කිසිවෙකුත් පැරණි අසාර්ථක දේශපාලන ගමනට මුක්කු ගැසූ ඔවුහු ඒ ගමන කර පින්නාගෙන ගිය අය නොවෙයි. අලුත් පිරිසක් එක්කරගෙන මේ රට ගොඩනැගීමේ මහා ජන බලවේගය ගොඩනගා තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.

මල්වතු මහා නාහිමි හමුවූ අවස්ථාවකදී උන්වහන්සේ කියූ කතාවක් මට මතක් වෙනවා. 1970 සහ 1980 දශකවල උන්වහන්සේලා ඉන්දියාවට වැඩම කළ අවස්ථාවලදී කුඩයක් ඉහළාගෙන ගිය හොත් ඉන්දියානුවන් ඇවිත් කුඩය අතගා බලා පැහැර ගන්න උත්සාහ කරනවාලු. ඒ වගේම ඉන්දියාවට කලිසම් රෙදි ගෙනගිය හොත් එයාර් පෝර්ට් එකෙන් එළියට යනකොටම විකුණා අවසන් කළ හැකි වූ බව ව්‍යාපාරික මහත්මයෙක් කිව්වා. එසේ වූ ඉන්දියාව මේ කලාපයට අවශ්‍ය ඖෂධ, මෝටර් රථ, ආහාර නිෂ්පාදනය කරනවා වගේම තාක්ෂණයත් නිෂ්පාදනය කරනවා. හඳට යනවා. අපේ පාලකයෝ රටේ තිබුණු කර්මාන්ත පද්ධතියත් මුළුමනින්ම විනාශ කර දමා ඉතිරි වී තිබෙන ආයතනත් විකුණන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ගමන ඒක.

අපේ රටේ තිබෙන සම්පත් ඉතා හොඳින් උපයෝජනය කර ගනිමින් නව ගමනකට අලුත් වෙනසකට ගෙනයාමේ පරිවර්තනයක් අපි සිදු කරනවා. ඒ වෙනුවෙන් ලොව පුරා සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන් එක්වී අපේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති මාලාවේ මූලික කෙටුම්පත ඉදිරිපත් කළා. තමන්ගේ දරුවා කොයි මොහොතේ මත් උවදුරට ගොදුරුවේ දැයි බයෙන් සිටින සමාජය මුළු මනින්ම වෙනස් කර විද්‍යාව හා තාක්ෂණයේ නව ප්‍රබෝධයක් ඒ දරුවන්ට අත්කර දිය යුතුයි. මෙතෙක් අප කෙරෙහි විශ්වාසය නොතැබූ ජනතාවගෙන් 90%ක් පමණ දැන් අප වටා එකතුවී සිටීම රට ගොඩනැගීමේ ජයග්‍රහණයේ පළමු පියවරයි. ජනතාව වෙනස් වී රට ගොඩනැගීම සිදුකළ හැකියි. තමන් තුළ සිදුකර ගත් වෙනස රටේ ජයග්‍රහණයක් දක්වා යොදවන්න නම්, ජනාධිපතිවරණයේදී මාලිමා ජයග්‍රහණය කරවන්න ඕනෑ. මේ වන විට තමන් වෙනස් වී එසේ වෙනස් වූ කරුණු අනෙක් අය සමග සාකච්ඡා කරමින් යන විශාල පිරිසක් රට තුළ ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරන්තරයෙන්ම සමාජය සමග සංවාදයක යෙදී සිටිනවා. ඒ එකතුවීමේ ජයග්‍රහණය රටටත් අනාගත පරපුරටත් අත්කර දීම තහවුරු කිරීම වෙනුවෙන් රොද බැඳගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

පුවත්

යාපනේදී පොලිසියට ගල් ගහලා, පොලිසිය වෙඩි තියලා

Published

on

By

යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතිබවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අද (20) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව පොලීසිය එහි යනවිටත් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරු පැදියක් ගිනි තබා තිබුණි.

එහිදී පොලීසියටද ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇත.

පොලීසියට අනාවරණ වී ඇත්තේ කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් අද යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

රවී හා ශානි නැවත පත්කරන්න කියල කාදිනල් කිව්වෙ නැතිලු!

Published

on

By

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන කළ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නම් කර ඔවුන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් නොකළ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාරුකළ එවැනි නිලධාරීන් සමූහය තනතුරුවලට නැවත පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අද (20) පැවසූහ.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූහ.

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන නිසියාකාරව කිරීම සඳහා එම ප්‍රහාර පිළිබඳව දැනුම තිබූ පරණ හිටපු නිලධාරීන් නැවත තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලිමක් කළ බවත් කාදිනල්වහන්සේ නිලධාරීන් නම් කර කිසිම රජයකට ඉල්ලිමක් හෝ බලපෑමක් නොකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ගෝඨාභය ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රාශියක් මාරු කළ බවත් ඒ අනුව අලුතින් පත්වූ නිලධාරීන් සතුව විමර්ශන කිරීමට තොරතුරු නොමැතිවීම නිසා විමර්ශනයට අසාධාරයක් වීම නිසා එම ඉල්ලීම කළ බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කීහ.

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහත්මයා ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණයත් නොවන අතර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු බවත් ඔහුට විරුද්ධව නඩු පවරන ලෙස ජනාධිපතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් සහ සී.අයි.ඩී. භාර ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා පැවසූහ.

නිලන්ත ජයවර්ධන මහත්මයා ‘පාස්කු’ බෝම්බ ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බවත් එවකට ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහත්මයා ආරක්‍ෂක අමාතයවරයෙක් හෝ පත්නොකර සිංප්පූරුව බලා යද්දී බෝම්බ ප්‍රහාර පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම විශාල වගකීමක් පැහැරහැරීමක් බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

එම වැරදට නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වසර හයක් තිස්සේ රජයන් තුනකින් ඉල්ලීම් කළ ද එම රජයන් තුනම එය පැහැරහැරි බව කී ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ එම ඉල්ලීම පැහැරීමට අමතරව එවැනි ආකාරයේ චෝනාවක් තිබෙන නිලන්ත ජයවර්ධන වසර හයක් තිස්සේ එම තනතුරේ තියාගෙන සිටි බවත්ය.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

නුවර සැලුන්එකදී දුමක් වැදී කතුන් හතක් සිහිනැති වෙයි!

Published

on

By

මහනුවර පේරාදෙණිය පාරේ රූපලාවන්‍යාගාරයක් තුළ සිහි විසඥ වී වැටීසිටි තරුණියන් හත් දෙනකු රෝහල් ගත කළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

එම රූපාලාවන්‍යාගාරය ඇතුළු අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ සිට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදුව තිබූ බැවින් එම රූපලාවණ්‍යාගාරය තුළ තිබූ කිලෝ වොට් 15ක විදුලි උත්පාදක යන්ත්‍රයක් භාවිත කරමින් වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මක වෙමින් තිබියදී එම වායු සමීකරණ යන්ත්‍ර තුළින් විෂ වායුවක් ඇතුළු වී එම තරුණියන් සිහි විසඥ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

ගොඩනැගිල්ලක පහත මාලයේ නිසි පරිදි වායු සංසරණයක් සිදු නොවන ස්ථානයක තරුණියන්ගේ සම සුදු කිරීමේ රූපලාවන්‍යාගාරයක් තුළ මෙම අනතුර සිදුව තිබේ.

රූපලාවන්‍යාගාරය පිටත තරුණියක වැටී සිටින අහම්බෙන් දුටු පුද්ගලයකු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම තරුණියන් වහාම රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එසේ සිහි නොමැතිව වැටී සිටි තරුණියන් පස් දෙ‍ෙකු මහනුවර ජාතික රෝහලට ද තවත් දෙදෙකු පෞද්ගලික රෝහලකටද ඇතුළත් කොට තිබේ.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved