Connect with us

පුවත්

ඡන්ද කොළේ නොලැබුණොත්?

Published

on

සැප්තැම්බර් 14 දින වන විට යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමිවේ.

ඔහු ඊයේ (10) සඳහන් කළේ මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බවය.

ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බවද   ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 14 වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද  රාජිත රණසිංහ මහතා තවදුරටත් සඳහන් කලේය.

මේ අතර, නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒවා  විශේෂ ආරක්ෂාවක් යටතේ ගබඩා කර ඇති බවය.

මේ සතිය අවසන් වනවිට නිල ඡන්ද ප්‍රතිකා මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පෙන්වා දෙයි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වේ.

මෙවර මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 17.44ක් බව මැතිවරණ කොමිසමේ දත්ත පෙන්වා දෙයි.

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු

Published

on

By

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

2010 සහ 2012 වසරවලට අදාළව ගෙවීමට නියමිත ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉකුත් 2023 වසරේදී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, වගඋත්තකරුට සිතාසි භාරදී තිබුණද ඔහු අධිකරණයට පැමිණ නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළාය.

Continue Reading

පුවත්

ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට

Published

on

By

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.

මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ

Published

on

By

පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

එහි පළමු අදියර ජූලි 14දා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කියා සිටියි.

“සියලුම දිස්ත්‍රික්කවල අපි තීන්දු කරලා තියෙනවා දැන් පොල් දෙසතිය කියලා තීන්දු කරලා ක්ෂණික වැඩිපිළිවෙලක් විදියට ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ජූලි 14 වන දා ඒක ක්‍රියාත්මක කරනවා. යාපනයෙන් අපි පටන් ගන්නවා. විශේෂයෙන් සුදු මැස්සාට විසඳුමක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කරලා හෝදලා දානවා. මේක ලොකු වැඩක්. නමුත් ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර අපි දැන් සුදානම් කරගෙන ඉන්නවා,” යැයි ඔහු පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved