Connect with us

පුවත්

ඡන්ද පෙට්ටි මාරු කරනවා කියලා කියන අය ගිහින් බෙහෙත් ගන්න

Published

on

ඡන්ද ගණන් කිරීම අතරතුර මනාප ගණන් කිරීමේ අවස්ථාවක් එළඹුණහොත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ වාතාවරණයක් තිබෙන බවට බොරු ප්‍රචාරයක් සමාජය තුළ හුවමාරු වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මෙම ප්‍රචාරය එක්තරා ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් සහ සහයක දේශපාලනඥයින් දෙදෙනෙක් විසින් සිදු කරන ලද කතාවක් ඔස්සේ සමජාගත කර ඇති බවත් ඇතැම් මාධ්‍යවේදීන්ද මෙවැනි ප්‍රචාර පතුරුවීමට මුල් වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කලේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ එවැනි ක්‍රියා සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට පොලිස් දෙපාර්තුමේන්තුව සමත් වනු ඇති බවය.

පොලීසිය ඒ සඳහා මනා ලෙස සූදානම්ව ඇති බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්, මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති, පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්‍ය භාර නියෝජ්‍ය පොලිස්පති, සෙසු පොලිස්පතිවරු ඇතුළු සෑම නිලධාරියෙකුගේ සිටම ආධුනික පොලිස් කොස්තාපල්වරු දක්වා ඡන්දය නිසි ආකාරව පැවැත්වීමේ වගකීම මැනවින් ඉටු කරනු ඇති බවත්, මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

පොලීසිය ඡන්ද පෙට්ටිය සලකන්නේ පූජා භාණ්ඩයක් ලෙස බවත්  පොලීසිය එය උතුම් රාජකාරියක් ලෙස සලක බවත් ඒ අනුව, කිසිදු අයථා සිදුවීමක් සඳහා පොලීසිය කටයුතු නොකරන බවත් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් අවධාරණය කලේය.

එමෙන්ම, ඡන්ද පෙට්ටි මාරු කළ හැකි බවට මිත්‍යා ප්‍රචාර පතුරුවන පිරිස් ප්‍රතිකාර ගත යුතු බවත් ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ ක්‍රියා කිසිසේත්ම සිදු නොවන බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.  

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved