Connect with us

පුවත්

‘ඡායා ළමා ප්‍රාදේශීය සභා‘ මැතිවරණය අද

Published

on

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, දිස්ත්‍රික්ක 10 ක ළමුන්, සමාජ මූර්තිකරුවෝ (TSA) විසින් පිහිටුවනු ලැබූ ඡායා ප්‍රාදේශීය සභා සඳහා සිය නියෝජිතයන් තෝරා පත් කර ගැනීම අද (පෙබරවාරි 16) සිදු කෙරේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ඡායා ළමා ප්‍රාදේශීය සභා (CSPS) ක්‍රමය පිහිටුවීම සිදු කෙරෙනු ඇත.
මෙම ඡායා ළමා ප්‍රාදේශීය සභාවන්, සමාජ මූර්තිකරුවන් විසින් පිහිටුවනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා පනත අනුගමනය කරමිනි.

සමාජ මූර්තිකරුවෝ (TSA) ලියාපදිංචි පුණ්‍ය භාර ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ වත්මන් පළාත් පාලන ව්‍යූහය ජනතාව අතරට රැගෙන යාමේ අභිලාෂයෙන් කටයුතු කරමින් සිටියි. එය ශ්‍රී ලංකාව තුළ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරයි. අම්පාර, අනුරාධපුරය, මඩකලපුව, රත්නපුර, යාපනය, කිලිනොච්චි, මාතර, මුලතිව්, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

ළමා අවධියේදී ම ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගි වීම, ප්‍රජාතන්ත්‍රවාදයේ නියැළීම සහ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීම සඳහා වයස අවුරුදු 11-15 ත් අතර දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්ගේ/ භාරකරුවන්ගේ අනුමැතිය මත 2023 පෙබරවාරි 16 වැනිදා සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත. ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක 10 තුළ ඡායා ළමා ප්‍රාදේශීය සභා 19 ක් ඒ අනුව පිහිටුවනු ලැබේ. මෙහිදී මිශ්‍ර සමානුපාතික ක්‍රමය අනුව පළාත් පාලන මැතිවරණයට සමාන්තර ක්‍රියාවලියක් අනුගමනය කෙරේ.

ළමුන් මේ සඳහා එක් එක් පක්ෂයකින් (මිහිකත පක්ෂය වෙනුවෙන් දරුවෝ, තිරසාර සංවර්ධනය වෙනුවෙන් දරුවෝ සහ සාධාරණ සම්පත් බෙදී යාමේ පක්ෂය වෙනුවෙන් දරුවෝ) නාම යෝජනා 8 බැගින් එක් ළමා ප්‍රාදේශීය සභාවක් සඳහා  ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව එක් එක් ඡායා ළමා ප්‍රාදේශීය සභාවක් සඳහා නාම යෝජනා 24 බැගින් අපේක්ෂකයන් 456 දෙනෙකුගෙන් නාම යෝජනා කැඳවනු ලැබිණි.

මෙහිදී කාන්තා නියෝජනය ද සහතික කර තිබේ.

වැඩි විස්තර සඳහා:
රදිකා (0772444278),  මයුරන් (0767011060) (කොළඹ)
දිස්ත්‍රික් නිලධාරීන් අම්පාර – නිශාන්ති 0775 159 713
අනුරාධපුර – වාසල 0768 211892
මඩකලපුව – ත්‍යාගලිංගම් 0773 521 983
රත්නපුර – මධුවන්ති   0778 694981
යාපනය – ගජේන්දිරම් 0772 658 002
කිලිනොච්චි – තුර්කා 0778 522 312
මාතර – මනෝජා   0773 058679
මුලතිව් – අබෝජිදන් 0773 617 292
නුවරඑළිය – ජෙයරාජ් 0775 282 589
පොළාන්නරුව – මිල්මිණී 0741 694387
 වෙබ් අඩවිය – https://thesocialarchitects.net/

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved