ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ (20) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහු එම පැමිණිල්ල මඟින් දන්වා ඇත්තේ ඉදිරියේදී පැෆ්රල් සංවිධානය විසින් ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බවයි.
විවාදය සඳහා 6 දෙනෙකු පමණක් තෝරා ගැනීමේදී අනෙක් 33 දෙනාට ආසාධාරණයක් සිදුවන බව ඔහු පවසන්නේය.
මෙය අවලංගු නොකළොත් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේ පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්ය.