Connect with us

පුවත්

ජනක හා සරත් පන්සල්වලින් ජනපතිවරණයට!

Published

on

ගෙවී ගිය දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් සූදානම් කිරීම සඳහා වන සාකච්ඡා කිහිපයක්ම පන්සල් කේන්ද්‍ර කර කරමින් පැවැති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ විහාරස්ථානයේ ජනපතිවරණ අපේක්ෂකයකු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇතැයි පැවසේ.

එහි අපේක්ෂකයා බොහෝ විට මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විය හැකි බවද වාර්තා වේ.

මේ අතර මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ විහාරස්ථානයේද ජනාධිපතිවරණ අපේක්ෂකයකු පිළිබඳ තීරණයකට එළඹීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එසේම, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිගේ විහාරස්ථානයේද එවැනිම  සාකච්ඡාවක් පැවැති බවත්, අදාළ පන්සල් දෙකේම ජනපති අපේක්ෂකයා ලෙස සරත් වීරසේකර මහතා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.

මැඩිල්ලේ හිමිගේ පන්සලේ සාකච්ඡාවට සරත් වීරසේකර, අනුරාධා යහම්පත් ඇතුළු ජාතිකවාදී කඳවුර නියෝජනය කරන පිරිසක් රැස්වූ බවද වාර්තා වේ.

පුවත්

මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්

Published

on

By

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි මත පදනම්ව සිදුකළ විමර්ශනවලට අනුව 2020 වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ මරණ 49ක් සහ පොලීසිය සමග සිදුවූ ගැටුම් හේතුවෙන් මරණ 30ක් නිරීක්ෂණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව විසින් මෙම මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාව නිකුත් කළ බව එහි සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සඳහන් කළේය.

එම මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලීසිය උනන්දු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

Continue Reading

පුවත්

මීනගයා පීලි පනී

Published

on

By

කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වනඅලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් බව ද වාර්තා වේ.

Continue Reading

පුවත්

අදත් තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර නැගෙනහිර පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වයඹ, උතුරු-මැද, උතුරු, මධ්‍යම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved