Connect with us

පුවත්

ජනපතිට විරෝධය දැක්වූ දෙමළ මන්ත්‍රී අත්අඩංගුවට !

Published

on

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා ඇතුළු 18 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යාපනයේ පැවැති විරෝධතාවයක් අතරතුරදීය.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝගයක් කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සිදුකරන සංචාරය අතරතුර මොවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

පුවත්

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා ඇපපිට නිදහස්

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.

ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.

Continue Reading

පුවත්

සලෝචන යළි රිමාන්ඩ්

Published

on

By

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය සිදු කළාය.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

කොළඹ ටොරින්ටන් ඇවනිව් හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Continue Reading

ඡායාරූප සටහන

ඓතිහාසික ථූපාරාම රූප මන්දිරය සංරක්ෂණය කිරීම වෙනුවෙන්  එක්සත් ජනපදයේ සහයෝගය

Published

on

By

අද (17) දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ ඇතුළත් වී තිබෙන පොළොන්නරුව පුරාණ නගරය තුළ පිහිටා තිබෙන ප්‍රධානතම ස්ථානයක් වන ඉපැරණි ථූපාරාම පිළිම ගෙය ආරක්ෂා කිරීම සඳහා නව සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල
වෙතින් ලබාදුන් ඩොලර් 109,000 ක (රුපියල් මිලියන 32 ඉක්මවන මුදලක්) මේ සඳහා යොදවා ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගි විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved