Connect with us

පුවත්

“ජනපතිට සමීප දේශපාලකයෙක් හිතුමතේ අදහස් දැක්වීම විකාර සහගතයි”

Published

on

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකකින් කල් තැබීම සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබේ.

එම සටහන මඟින් සාලිය පීරිස් මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක්වන අතර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවය.

ජනවරමක් නොමැතිකම  ජනාධිපතිවරයාට සමීප බලගතු දේශපාලකයකුට එවැනි අදහසක් ඇතිවී තමාගේ අදහස් එලෙස ප්‍රකාශ කළ හැකි යැයි සිතීම විකාර සහගත බව සාලිය පීරිස් මහතා අවධාරණය කරනවා.

1982 ශ්‍රී ලංකාවේ එකම ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම අපේ රටේ ඉතිහාසයේ විනාශකාරී කාල පරිච්ඡේදයකට මඟ පෑදූ බව අමතක නොකළ යුතු බවද සලිය පීරිස් මහතා තවදුරටත් පවසා ඇත.

පුවත්

ජනපතිගේ අවසන් ජන රැලිය – කොස්ගස් හංදියේ (සජීව)

Published

on

By

ජනපතිවරණ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේවන විට කොළඹ කොස්ගස් හංදියේදී පැවැත් වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය.

Continue Reading

පුවත්

සමගි ජනබල වේගයේ අවසන් ජන රැළිය – කොළඹ (සජීවී)

Published

on

By

සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර‍ේමදාස මහතා සහභාගිවන අවසන් ජන රැළිය පංචිකාවත්ත පාර ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී මේවන විට පැවැත්වෙමින් තිබේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැලිය – කැස්බෑවේදී (සජීවී)

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේ වනවිට කැස්බෑවේදී පැවැත්වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved