Connect with us

පුවත්

ජනපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153ක්

Published

on

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙනි.

රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ද ඒ අතර වේ.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවය.

මේ අතර, ජනාධිපතිවරණය ආශ්‍රිතව එක් පැමිණිල්ලක් පමණක් මේ වනවිට ලැබී ඇති බව පොලිසිය පවසා තිබේ.

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 40 ක් මේ වනවිට වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

පුවත්

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Published

on

By

අද (08)  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

මේ අතර, අද දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

පුවත්

පිට පිට ගිනිගත් ක්‍රිෂ් ආරක්ෂා කරන්න පොලිසියෙන් 20ක් දාලා

Published

on

By

පිට පිට දින දෙකකදී ගිනි ගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) ගිනි ගැනීම් වාර්තා වුණි.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සදහා යොදා ගෙන තිබු ගිනි නිවිම් සේවා රථ සංඛ්‍යාව 6කි.

පෙරේදා පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.

ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.

Continue Reading

පුවත්

ඩුබායිවලින් ගෙනා රොටුඹ උපාලිව දින 7කට තිහගොඩ පොලිසියට බාරදෙයි!

Published

on

By

ඩුබයි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි.

ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රොටුඹ උපාලි නමැති 39 හැවිරිදි සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී ඇත.

සැකකරුට විරුද්ධව ඇති චෝදනාව –

01. 2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම. 

02. ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15යි මාස 03 වයසැති බාලවයස්කාර දැරියක් නීත්‍යානුකුල බලහත්කාරයෙන් අපහරණය කර ස්ත්‍රි දූෂනය කිරීම.

03. 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved