ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 3ක සහය ලබා ගැනීමේ ප්‍රධාන ඉදිරි ගමන පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (20) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළේ රටේ ජනතාවගේ ඉවසීමෙන් සහ විශ්වාසය මත මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදු කරන ලද ජනප්‍රිය නොවන නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිසා යැයිද සේමසිංහ මහතා කීය.
“ජනාධිපතිතුමාගේ, මුදල් අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතුළු ආයතනවල අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව මාස අටක දැවැන්ත ක්‍රියාවලියක් අවසානයේ අපේ රටේ සහ අනෙකුත් රටවල ණයහිමියන්ගේ සහයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දීර්ඝ ණය පහසුකම වෙත ප්‍රවේශ වීමට අපට අවස්ථාව ලැබුණා. මේ අනුමැතිය මේ වෙලාවේ රටට අත්‍යවශ්‍ය වුණා.”
“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. තව දුරටත් මේ ප්‍රතිසංස්කරණවලදී ඉවසීමෙන් කටයුතු කළ යුතුයි” යැයි පැවසූ සේමසිංහ මහතා මහජන නියෝජිතයකු ලෙස පමණක් නොව ශ්‍රී ලාංකිකයකු වශයෙන් ද ජනාධිපතිවරයා විසින් තමාට පැවරූ රාජකාරිය මැනවින් ඉටු කළ බව ද කියා සිටියේය.