Connect with us

පුවත්

ජනපති ගිය ටිකට ප්‍රමිත ආරක්ෂක ඇමති වෙයි!

Published

on

එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විදේශ සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.

එසේම වැඩබලන මුදල් ඇමති ලෙස රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා පත් කර ඇත.

පුවත්

මඟුලකට ගිය තරුණයකුගේ සිරුරක් වගුරකින් හමුවෙයි!

Published

on

By

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයකු අභිරහස් ලෙස මියයාමේ පුවතක් බටපොළ පොලීසියෙන් වාර්තා වේ.

අභිරහස් ලෙස මියගිය මේ තරුණයාගේ සිරුර හමුව තිබුණේ බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු ඇළ ඉවුරේ පාලු වගුරු බිමකදී තිබියදීය.

මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය මන්ඩකන්ද පදිංච් විසිහතර හැවිරිදි තරුණයකු වන ඉලන්දාරිදේව තරිදු ධනුෂ්ක ගුණවර්ධන නැමැත්තෙකි.

කුරුදු කාර්මිකයෙකු වන මේ තරුණයා තමන් සමඟ එකට කුරුදු කර්මාන්තයේ යෙදෙන හිතවතකුගේ මංගල උත්සවයක් වෙනුවෙන් බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයට සහභාගිවී ඇත්තේ පසුගිය  16 වැනිදා බව පොලීසිය කියයි

Continue Reading

පුවත්

චීන K-8 ගුවන් යානාවල ප්‍රමිතිය පරික්ෂා කරන්න යයි

Published

on

By

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ, පසුගිය සිකුරාදා K – 8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමගයි.

චීනයේ නිෂ්පාදිත K – 8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.

එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු සඳහන් කළේ ය.

අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරන්නේ, සත් පුද්ගල කමිටුවකිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටිණි.

ඉන් තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කළේ ය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද නිසා ලංකා ආර්ථිකයටත් බලපෑම්; වැට් බද්දත් තීරුබදුවලට එකතුකරන්න යයි

Published

on

By

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු ඇතැයි වාර්තා වේ.

ලබන අප්‍රේල් මාසයේ සිට මෙකී නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඇමෙරිකානු රජය තීන්දු කර ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා බදු ආදායම් පරතරය දෙරටටම සමාන්තර අයුරින් ක්‍රියාත්මක කිරීම නව බද්දේ අරමුණ බව සඳහන්ය.

දැනට වාර්තා වන ආකාරයට ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මිලදී ගැනීම් සිදු කරන අතර ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 600 ක මිලදී ගැනීම් සිදු කරයි. 

මෙම තත්ත්වය යටතේ ඇමෙරිකාවට වාර්ෂිකව සිදු කරන ඩොලර් බිලියන 2 කට අධික වෙළෙඳ අවාසිය පියවා ගැනීමට එරටට ආනයනය කරනු ලබන ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වන බදු අනුපාත ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන බද්දක් නොවන අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක කෙරෙන්නක් බවද සඳහන්ය. 

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අය කරන වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීමට ට්‍රම්ප් පරිපාලනය තීන්දු කර තිබේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved