Connect with us

පුවත්

 ජනපති රටට යුතුකම මතක් කරයි

Published

on

රට තුළ 2022 ජූලි මාසයේදී නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද වගකීමක් බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

“රටේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පවත්වනවා. ඔබේ යුතුකම, පොලීසියේ යුතුකම නීතිය සාමය ආරක්ෂා කරලා, නීතිය යටතේ ඡන්දය ගෙනියන්න. ජනාධිපති හැටියට ඒක මගේ යුතුකමක්. ඒක මැතිවරණ කොමිසමේ යුතුකමක්. ඒක පොලීසියේ යුතුකමක්. ඒ වැඩකටයුතු සියල්ලම ක්‍රියාත්මක කරන්න කියලා කියලා මම කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මැතිවරණයෙන් පසුව ඇති වෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සියල්ල ම නවත්වන්න ඕනේ. මේ සැරේ ප්‍රචණ්ඩක්‍රියා ඇති වෙන්න බෑ. ඒ ගැන අපි ක්‍රියාකරන්න ඕනේ. ඇය අපි මේ මැතිවරණය තියන්නේ. අපිට නීතිය, සාමය, ව්‍යවස්ථාව තියෙන නිසා. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරනවා නම් අපි ආණ්ඩු ඇති කරන්නේ, ආණ්ඩු වෙනස් කරන්නේ ව්‍යවස්ථාව අනුව. 1931 ඉඳලා සර්ව ජන ඡන්දය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ආණ්ඩුවක් ගෙනියලා තියෙන්නේ ශ්‍රී ලංකා විතරයි. වෙන එක රටක නම් කරන්න මෙහෙම තියෙන. ඒ නිසා අපිට තියෙන්නේ සර්ව ඡන්දය ආරක්ෂා කරන්න. කිසිවිටෙක ඒක කැඩෙන්න ඉඩදෙන්න එපා.

පුවත්

මිලියන 17ක මැණික් රට පන්නන්න ගිය චීන්නු දෙන්නා මාට්ටු

Published

on

By

රුපියල් 17,450,875ක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජාතික පියෙකු සහ දියණියක ඊයේ (13) රාත්‍රියේ මෙලෙස රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මොවුන්ගේ සිරුරු පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) මගින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සඟවා ගෙන තිබූ මැණික් තොගය අනාවරණය කර ගැනීමෙන් පසුවයි.

සැකකාර 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි දියණිය මෙරට විවිධ පළාත්වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බවට වාර්තා වේ.

ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් මැණික් අතර චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල්, වෛරෝඩි වැනි විවිධ වර්ග වල මැණික් හමුවී ඇත.

(ඡායාරූපය : අදදෙරණ)

Continue Reading

පුවත්

හිරුණිකා අනතුරු අඟවයි

Published

on

By

සමඟි ජන බලවේගයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර සජිත් ප්‍රේමදාස මහතාගේ ද අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරි ගමනක් නොගියහොත් බොහෝදෙනා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ නායකත්ව ලක්ෂණ නිවැරදි කරගෙන වැඩකළ හැකි කණ්ඩායමක් එකතුකරගෙන ඉදිරියට යන්නේ නම් කිසිවෙකු සමඟ හෝ එකතුවීමක් අවශ්‍ය නොවන බවයි .

”දැන් මතයක් තියෙනවා සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා යන්න ඕනේ කියල. සමහරක් කට්ටිය කැමතියි. සමහරක් කට්ටිය කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගන්න ඕන තීරණයක් ඒක. 

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යම් යම් අඩුපාඩු හදාගෙන ගියේ නැත්නම් බොහෝදෙනා සජිත් ප්‍රේමදාස මහත්තයව අතහැරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟට යයි. 

මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම මේ පක්ෂයේම දිගටම ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අලුතින් හදපු පක්ෂය ඇතුලේ මට තාම ලොකු වගකිමක් තියෙනවා මට ජන්දය දුන්න මිනිස්සුන්ගෙන් ජන්දය ලැබුණේ ටෙලිෆොනයට කතිරය ගහපු නිසා. 

නායකත්වය තීරණය කළොත් අපි සාකච්ජා කරනවා ඉස්සරහට මොකක්ද කරන්නේ කියල, මට හිතෙන්නේ මෙහෙමයි.සමහර පාක්ෂිකයෝ කියනවා එකතුවෙන්න ඕනේ කියල. සමහර පාක්ෂිකයෝ කියනවා එකතු වෙන්න ඕනේ නැහැ කියල. සජිත් ප්‍රේමදාස මහත්තය පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරන්නේ නැතුව ගියොත් අන්තිමට සියලුම පාක්ෂිකයෝ කියයි එකතුවෙන්න ඕනේ කියල. 

අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයට මෙතනට ආපු කට්ටිය. එතුමා වෙනස් වෙලා එතුමාගේ නායකත්ව ලක්ෂණ වෙනස්වෙලා එතුමාගේ වටේ අඩුමගානේ වැඩක් කරන්න පුළුවන් පිරිසක් එකතුකරගෙන මේ ගමන ගියොත් කා එක්කවත් එක්කහු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එතුමා තීරණය කරන්න ඕනේ මොකක්ද ඉස්සරහට කරන්නේ කියල.” 

Continue Reading

පුවත්

අනුර – ෂී හමුව හෙට

Published

on

By

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික  සාකච්ඡා  පැවැත්වීමෙන් අනතුරුව  අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved