Connect with us

පුවත්

ජනපති ලේකම් ධූරයේ වැඩබලන්න කාන්තාවක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා  ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබේ. 

අද (20) සිට බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්වරයා නැවත දිවයිනට පැමිණෙන තුරු එය ක්‍රියාත්මක වන අතර, ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරයි.

1994 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට එක් වූ විජේවර්ධන මහත්මිය වසර 22ක් මහා භාණ්ඩාගාරයේ විවිධ තනතුරු හොඹවා ඇති අතර අවසානයේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය. එසේම අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ චාන්දනී විජේවර්ධන මහත්මිය 2015 වසරේ සිට 2019 වසර දක්වා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කරනු ලැබුවාය. ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන එතුමිය රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර නෙදර්ලන්තයේ හෙග් විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් ද වේ.

මේ අතර, ජනාධිපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයේ යෙදෙන කාලයට අදාළව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබේ.

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved