Connect with us

පුවත්

ජනපති වැය ශීර්ෂය සම්මතයි

Published

on

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී  අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය.

වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව කතානායකවරයාට දැන්වීය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

අයවැයෙන් හිටපු ජනාධිපතිවරුන් සදහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් අනුර දිසානායක මහතා මෙලෙස ඡන්දයක් ඉල්ලා සිටියේය.

වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා පමණි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.

ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(22) දවස පුරා විවාදයට ගැනිණ.

(ලංකාදීප)

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved