Connect with us

පුවත්

ජනපති සටනට එන අපේක්ෂකයින්

Published

on

2024 ජනාධිපතිවරණ අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි.

එම විරෝධතා ගොනුකර තිබුණේ, හිටපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වන ජනක රත්නායක මහතාට  2ක් සහ තවත් එක් අපේක්ෂකයෙකුටයි.

ඒ අනුව, ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරන ලදී.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දක්වා ඇත.

01. දිලිත් සුසන්ත ජයවීර
02. සරත් මනමේන්ද්‍ර
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා මහතා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත රත්නායක
13. කේ.කේ පියදාස
14. මයිල වාගනම් තිලකරාජා
15 සිරිපාල අමරසිංහ
16. පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න
18. කේ. ආනන්ද කුලරතන්
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. කිෂාන්
22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අනුර සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලයාස්
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනි වික්ටර් පෙරේරා
30. කීර්ති වික්‍රමරත්න
31. සජිත් ප්‍රේමදාස
32.රනිල් වික්‍රමසිංහ
33. මරක්කල මානගේ ප්‍රේමසිරි
34. ලලිත් ද සිල්වා
35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36. ඩී.එම්.බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 

පුවත්

පොහොට්ටුවේ වලි වේදිකාවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රත්තොට ජන රැළියක් ඊයේ (10) පවත්වා තිබුණි.

මෙම ජන රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ඩයස් මහතාට විරෝධයක් එල්ල වි තිබේ.

මෙම ජන රැළියේදී නිශාන්ත ඩයස් මහතා රැළිය අමතමින් සිටියදී ඊට විරෝධය පළ කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් වේදිකාවෙන් පිටව ගොස් තිබුණි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල පැවති ජන රැළියකදී නාලක කෝට්ටේගොඩ මහතා අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබේ.

එහිදී විරෝධය පළ කළ පිරිස පවසා තිබුණේ , නාලක කෝට්ටේගොඩ මහතා ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසය.

Continue Reading

පුවත්

තැපැල් ඡන්දෙ දාන්න තවත් අවස්ථාවක්

Published

on

By



මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

Published

on

By

අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, මෙම මාර්ගයේ ගමන් කරන රථ වාහන හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුවත් කර සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved