Connect with us

පුවත්

ජනපති සටනට 10ක් ඇප තියයි

Published

on

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු ඊයේ (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස,  පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය  ඇප මුදල් තැන්පත් කර ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙයි.

පුවත්

විජයමුණිට ඇප ( Update )

Published

on

By

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළ බවට අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කර ඇත.  


(පෙර පුවත 2025 ජනවාරි 20 පෙ.ව 07:35 )

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීතිවිරෝධී ලෙස ලොරි රථයක් එකළස් කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙනි.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) දිනයේදී හිටපු අමාත්‍යවරයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ සිටි අතර එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විජිත් විජයමුණි සොයිසා මහතාව අද (20) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය

Continue Reading

පුවත්

ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට

Published

on

By

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගත් බවය.

කොළඹ නගරයේ ක්‍රියාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා වන අමිට් කට්යාල් ඉන්දියාවේ මූල්‍ය අපරාධ විරෝධී විමර්ශන අංශය හෙවත් ඊඩී මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික වත්කම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙන අතර කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතිය ද ඊට ඇතුළත්ය.

කොළඹ නගරයේ අක්කර 4ක ඉඩමක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘති සහ බදු අයිතිය ඇතුළුව රුපියල් කෝටි 224.08ක් පමණ වටිනා දේපළ රාජසන්තක කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

ඒ ක්‍රිෂ් රියල් ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළවය.

මෙම සමාගම දේපළ වෙළදාම් ව්‍යාපාරයේ නියැලී බොහෝ ආයෝජකයින්ට වංචා කර ඒ හරහා නීති විරෝධී ලෙස රුපියල් කෝටි සිය ගණනක් විදේශගත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අම්ට් කට්යාල් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම ව්‍යාපෘතියට අදාළ සමාගම වන වන් ට්‍රාන්ස්වර්ක් ස්පෙයාර් හෙවත් මීට පෙර ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බූ පෞද්ගලික සමාගම වෙත ඉන්දීය ගැනුම්කරුවන්ගේ මුදල් යොදවා ඇති බවට චෝදනා එල්ලවී ඇත.

මෙම මුදල් නීත්‍යානූකූලව උපයාගත් ඒවා බව හගවමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති බවයි වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published

on

By

ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමටත්, අභ්‍යන්තරව අවතැන්වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු ගෙන්වා ගැනීමටත්, ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමටත් මෙම සටන් විරාමය මග සලසනු ඇතැයි බලාපොරොත්තුවන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම තත්ත්වය පලස්තීනයේ සහ කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත කිරීමට දායක වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved