Connect with us

පුවත්

ජනපති සන්නද්ධ ආඥාවක් කැදවයි !

Published

on

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වෙනි අධිකාරියේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

පුවත්

සලෝචන ගමගේට ඇප

Published

on

By

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඖෂධ මිල අඩු කිරීමට නව මිල පාලන යාන්ත්‍රණයක්

Published

on

By

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.

ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01යි ශත 65කි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවය.

නව රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතුය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම මිල නියාමනය සිදු කෙරෙන බවය.

එය නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ මිල පාලන කමිටුව විසින් සිදු කිරීමට බලතල පවරන බවද වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කලේය.

Continue Reading

පුවත්

තානාපතිවරුන්ට ඉලක්ක

Published

on

By

රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පළ කර සිටියෙය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved