ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති විනයාගමූර්ති සහදේවන් නැමැත්තා දූෂිතයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක නිරත වූහ.
ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති බවත්, වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බවත් කියමින් විරෝධතාවයේ නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ ගැන තොරතුරු සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්ද යවා ඇත.
දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් එම ලිපියේ සඳහන් කොට ඇත.
මෙම පත්වීම් මැතිවරණ ක්ෂේත්‍රය තුළත් පසුගිය කාලයේදී ආන්දොලනයට පත්විය.
මෙම පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (ටී.අයි.එස්.එල්.) මැතිවරණ කොමිෂන් සභාවටත් පැමිණිලි කර තිබිණි.
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි මහතා පත්කර තිබුණු අරත ඊට දින 12කට පසුව ඔක්තෝබර් 22 වැනි දින ඔහුව ඉවත් කොට ප්‍රශ්නගත තත්ත්වය මතුකර ඇති විනයාගමූර්ති සහදේවන් මහතා ජනපතිවරයා විසින් පත් කර තිබිණි.
කෙසේවුවද, මෙලෙස ප්‍රධානීන් වෙනස් කිරීම සහ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව පනවා ඇති සීමාවන් නොතකා විෂයභාර අමාත්‍යවරයා ක්‍රියා කිරීමක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මැතිවරණ කොමිසමට දන්වා සිටියේය.