Connect with us

පුවත්

“ජනවාර්ගික අර්බුදය විසඳුමකට සියළු පාර්ශව එකඟ කරගන්නවා”

Published

on

මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශවෙවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේබව කියා සිටියේය.

එසේම, සියලුදෙනාට පිළිගත හැකි විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවද ඔහු එහිදී කීය.

තමා රට භාරගත්තේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි බවට වන විශ්වාසය මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි ද ඔහු එහිදී සියලු පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ගමනේදී සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද එකමුතුව අත්වැල් බැඳගනු ඇතැයි කීය.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී පැවැත්විණි‍.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පිරිස් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන්  විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයන් දින සැමරුමට  සහභාගී වීමත් සමග ජාතික ගීය ගායනා කොට එජාප ජාත්‍යන්තර  කම්කරු දින සැමරුම ආරම්භ කෙරිණි.

අනතුරුව  රටට නිදහස ලබාගැනීමේ සිට එක්සත් ජාතික පක්ෂයේ  පෞඩත්වය විදහා දැක්වෙන වීඩියෝ පටයක් විකාශය කෙරිණි.

අනතුරුව එක්සත් ජාතික  පක්ෂයේ අනාගත සැලසුම් එලිදක්වමින් “2048 ජයගමු” වීඩියෝ පටය ප්‍රදර්ශනය කෙරිණි.

විවිධ වෘත්තීය සංගම් සහ දේශපාලන සංවිධානය 68ක නියෝජිතයෝ ද මෙම කම්කරු දින උළෙල සඳහා සහභාගී වූහ.

සාම්ප්‍රදායික බෙර වාදන නර්තනාංග සහ ගායනාංග වලින් ද  කම්කරු දින උළෙල අලංකාර විය..

පුවත්

“එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට එන්නේ ගිලන් රථයක එල්ලිලා”

Published

on

By

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ, වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවය.

මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට අමතා කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බවත්, තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවත් කතානායකවරයා විසින් සඳහන් කරන ලදී..

මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ භාර දෙන බවද ඔහු පැවසීය.

තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් භාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි..

එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී තිබේ.

Continue Reading

පුවත්

අහුංගල්ල පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු වැලිඔයේදී අත්අඩංගුවට

Published

on

By

අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වැලිඔය වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරන්නේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.   

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Published

on

By

පාර්ලිමේන්තු මාර්ගයේ සිට ගමනකින් පැමිණි පිරිසක් නෙළුම් මාවතට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමගයි මෙම  උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.

නෙළුම්මාවතට ඇතුළුවන මාර්ගය අසළදී පොලිසිය ඔවුන්ට බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීම සිදුවිය.

පොදුජන පෙරමුණු කාර්යාලයේ කිහිප දෙනෙකු සහ ඩෑන් ප්‍රියසාද් ද එම ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය පළකර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved