Connect with us

පුවත්

ජනාධිපතිවරණයට සියල්ල සූදානම්

Published

on

නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, හෙට පෙරවරු 8:00 සිට සවස 4:00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ය.

වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයට එක්වූ මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

ඔවුන් අතරින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා ඇති බව සඳහන්ය.

පරිශ්‍ර 49කදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී පස්වරු 4:15 සිට ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය 4,5,11 සහ 12 යන දිනයන් ලබා දී තිබුණි.

පිළිගත් දේශපාලන පක්ෂ 22ක්, වෙනත් දේශපාලන පක්ෂ 1ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ අතර ස්වාධීන අපේක්‍ෂකයෙකු වූ අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා පසුගිය අගෝස්තු මස 22 වැනිදා අභාවප්‍රාප්ත විය.

හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර සියලුම ඡන්ද මධ්‍යස්ථානවල මැතිවරණයට අදාළ සකස් කිරීම් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ජන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා යැවීමේ කටයුතුද අරඹා ඇති බව සඳහන්ය.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව විසින් දින දෙකක නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් ජනමතයට බලපෑම් සිදු කරමින් පවතින බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.

පසුගිය 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00න් පසුව අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම තහනම් කර තිබියදී දිගින් දිගට ම සමාජ මාධ්‍ය ඔස්සේ පක්ෂාග්‍රාහී පුවත් හුවමාරු වෙමින් තිබෙන බව ද එම සංවිධාන පෙන්වා දී ඇති බව සඳහන්ය.

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved