ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා,
“දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග අපේ එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් අපි කඩකරගත්තොත් නැවතත් අපි යන්නේ අර 2022 තිබුණ තැනට. ඉතින් අපි දැන දැන එතැනට ගිහිල්ලා විනාශ වෙනවා ද ? එහෙම නැත්නම් පොදු එකඟතාවයකට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා ද ? ජනාධිපතිතුමාට ඉන්න පෙරේතකමට නෙමෙයි. අපියි මේ කියන්නේ . පාර්ලිමේන්තු ඡන්දයකට ගිහිල්ලා ආපහු නාස්ති කරන්න එපා. දෙකම අවුරුදු දෙකකට කල් දාන්න, ඒ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රශ්න ටික නිරවුල් කරගෙන මැතිවරණයට යන්න පුළුවන්.”