Connect with us

පුවත්

ජනාධිපති අරමුදල අලුත් තැනකට

Published

on

ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිත බවය.

ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01වන දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ සිය සේවා ලබා ගැනීමට හැකියාව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

පුවත්

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් 02කට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Published

on

By

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන් අභියාචනාධිකරණයේ විනිසුරුවැන් ලෙස පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට සිදුකළ යෝජනාව ව්‍යවස්ථා සභාවේ දී සලකා බලා නොමැති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් තවමත් හිස්ව නොතිබීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකර තිබූ නාම යෝජනාව ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය මාර්තු මස 11 වනදා ද අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් තිදෙනෙකු පත්වීම් ලැබීය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

ජර්මනියේ නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී  රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී (DIHK) සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.

ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved