Connect with us

පුවත්

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල වසර 4කින් පවත්වා නෑ

Published

on

වසරක් පාසා පවත්වාගෙන යනු ලබන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල 2018 වසර සඳහා පැවැත්වීමෙන් පසු මේ දක්වා පවත්වා නොමැත.

අවසන් වරට 2019 සම්මාන ලාභීන් තෝරා එය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබුණද පැවැත්වීමට නොහැකි විය.

මෙයට හේතුව වී ඇත්තේ එවකට ක්‍රීඩා ඇමති ධූරය ඉසිලූ නාමල් රාජපක්ෂ මහතා 2020 ද ඇතුළත් කොට වසර දෙක සඳහාම එය පවත්වන ලෙස නියෝග කිරීමත් එවකට අදාල සම්මාන ජූරියේ සභාපති ධූරය දැරූ සමන් අමරසිංහ මහතා කොවිඩ් වැළඳීමෙන් අභාවප්‍රාප්ත වීමත් සමග එහි සංවිධාන කටයුතු අඩාල වීමයි.

2020 වසරේ කොවිඩ් හේතුවෙන් ජාතික හා අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රීඩා ඉසව් නොපැවැත්වුණු අතර 2019 වසරේ පැවති සාෆ් ක්‍රීඩා උළෙලේ දක්ෂයන් රැසක් සම්මාන සඳහා නිර්දේශ වී තෝරාගෙන ප්‍රසිද්ධියටද පත් කර තිබිණ.

මේ හේතුව නිසා නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමති ධූරය ඉසිලූ කාල සීමාව තුළ හා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය ඉසිලූ කාල සීමාව තුළ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලක් පැවැත්වීමට නොහැකි විය.

සමන් අමරසිංහ මහතාගේ අභාවයෙන් පසු නලින් ආටිගල මහතා ජූරියේ සභාපති ලෙස පත්ව මෙය පැවැත්වීමට සූදානම් වුවත් එය නොපැවැත්විණි.

මේ අනුව බාලගිරි දෝෂයට ලක්වූ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල නොපවත්වා දැනට වසර හතරක් ගත වී තිබේ.

මේ සම්මාන උළෙල පැවැත්වීමට මුදල් බාධාවක් වී ඇත්නම් ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් හො ඩයලොග් ආසියාටා සමාගම්වල අනුග්‍රාහකත්වයක් හෝ ලබා ගනිමින් එය පැවැත්වීමට හැකියාව ඇති බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් පසුගිය කාලයේදී කිසිදු විශේෂත්වයක් නැති ක්‍රීඩා සම්මාන උළෙලවල් සඳහා ද විශාල වශයෙන් අනුග්‍රහය ලබාදී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved