Connect with us

පුවත්

ජපන් රජය – යුනිසෙෆ් වෙතින් ඩොලර් මිලියන 3.5 ක එන්නත් බහාලුම් ශීත පෙට්ටි හා පෝෂණ සැපයුම්

Published

on

ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම පෝෂණ සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබා දුන් එන්නත් බහාලුම් ශීත කාමර හා පෝෂණ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (24) දින ලබාදී ඇත.

අධික උෂ්ණත්වයට සංවේදී එන්නත් විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත ශීත කාමර 13ක් ඒ අනුව අද දින පිරිනමන ලදී. මෙම උපකරණ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, අනුරාධපුර, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් කොට්ඨාශ වල ස්ථාපනය කර ඇත.

මෙම උපකරණ ලබා දීම 2021 වර්ෂයේදි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් අතේ ගෙන යා හැකි එන්නත් බහාලුම් ශීත පෙට්ටි සහ උෂ්ණත්ව මාපකයන් බෙදාදීමේ වැඩපිළිවෙළ හා ඒකාබද්ධව , ඩොලර් මිලියන 03 ක සම්පූර්ණ දායකත්වයක් හිමි වූ වැඩසටහනේ තවත් එක් කොටසකි. මෙම උපකරණ මගින් මෙරට ප්‍රජාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දීමත්, එන්නත් නිසි ආකාරයෙන් ආරක්ෂිතව ගබඩා කිරීමත් බලාපොරොත්තු වේ.

තවද පෝෂණ සැපයුම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය. මෙම සැපයුම්, දරුවන් රැකබලා ගැනීම, පරීක්ෂා කිරීම, අධීක්ෂණය සහ මන්දපෝෂණය සඳහා උපදේශනය ද ඇතුළුව අවශ්‍ය පසු විපරම් සැපයීම සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් 500,000 ක දායකත්වයේ කොටසකි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා පවසා ඇත්තේ “Last One Mile Support” සංකල්පය යටතේ මෙම ශීතදාම ආරක්ෂක ශීතකරණ උපකරණ ශ්‍රී ලාකිය ප්‍රජාවගේ ප්‍රතිශක්තිකරණය ඉහල දැමීමේ අරමුණින් ලබා දීම සිදු කර ඇති බවත්, ඒ සඳහා දායක වීමට ලැබීම ඉමහත් භාග්‍යක් කොට සලකන් බවත්ය.

“මෙම උපකරණය මඟින් ලංකාවේ දැනට පවතින ආර්ථික කඩා වැටීම හමුවේ, කෝවිඩ් ඇතුළු මාතෘ සහ ළමා සෞඛ්‍ය වර්ධනයේ සඳහා අත්‍යවශ්‍ය වන එන්නත් නිසිපරිදි ගබඩා කිරීමට සහ ක්‍රමවත්ව ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබේ. තවද මේ මඟින් ජපානය, මෙරට ප්‍රජාවගේ ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා දීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යැයිද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් කූග් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම උපකරණ ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල නඟා සිටුවීම සඳහා උපකාරි වන බවයි.

“මන්දපෝෂණය සම්බන්ධයෙන්, එය ප්‍රතිකාර කළ හැකි සහ වළක්වා ගත හැකි බවත්, දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ ඒකාබද්ධ ප්‍රයත්නයට උපකාර කිරීම සඳහා අද දින සැපයුම් ලබා දෙන බවත්,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලාංකීය දරුදැරියන්ගෙ කෙටි කාලීන සහ දිගු කාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ජපන් රජය යුනිසෙෆ් සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව උපරිම දායකත්වයක් ලබා දෙන බවටද මෙහීදී ප්‍රකාශ කර සිටියේය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved