Connect with us

පුවත්

ජපන් රැකියා පුහුණු සංචිතයක්

Published

on

ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බැවින් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමු වී විශේෂ සාකච්ඡා කර තිබේ.

ශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමුකිරිමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (30) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී මෙම හමුව පැවතිණි.

මෙහි දී දෙපාර්ශවය විසින් කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජපන් රැකියා බඳවාගැනීමේ වැඩසටහන් වල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනු ලැබූ අතර, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බවත් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කරගත යුතු බවටත් සාකච්ඡා කරන ලදී.

ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ සභාපතිතුමා මෙහි දී ස්තූතිවන්ත වූ අතර, අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ද රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට විවරකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන්ද ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.

කාර්යාංශය විසින් ශ්‍රමිකයින් බඳවාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිතොෂි මහතා ප්‍රසාදය පළකළ අතර, ඉදිරියේ දී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ලබාදීමට අවශ්‍ය පියවරගන්නා බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා යන මහත්වරුන් හා IM Japan ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක මසනොබු කොමියා මහතා (Mr. Masanobu Komiya) එහි කොළඹ කාර්යාලයේ සාමාන්‍යාධිකාරී හිඩෙටි තමුරා මහතා (Mr. Hideti Thamura) ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved