Connect with us

පුවත්

ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබේ

Published

on

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිම අද (07) පැවැත්වුණි.

ඒ මුදල් අමාත්‍යාංශයේදීය.

මේ අවස්ථාව සඳහා  ජපන් තානාපති Akio Isomata මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිහය.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට සිදුකළ යුතු බවත් එම ප්‍රතිසංස්කරණ සිදුකරගෙන යාමෙන් පමණක් මෙරට ආර්ථිකය ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන හැකියාව ලැබෙනු ඇති බවත්ය.

පුවත්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

Published

on

By

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබේ.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

පතල් කාර්මිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක්

Published

on

By

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා තිබේ.

පතල් කර්මාන්තයේ ඇති අනාරක්ෂිතභාවය නිසාම එම රැකියාවෙහි නිරත වන තරුණ පිරිස් ක්‍රමයෙන් අඩු වී ඇත.

ඊට විසඳුමක් ලෙස පතල් සේවකයන් උදෙසා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වෙනත් රක්ෂණ සමාගම්වල ඒ වෙනුවෙන් අය කරන වාරිකයට වඩා සහනදායී රක්ෂණ වාරික මුදලක් අය කර ගැනීමට තීරණය කරමින් පතල් කාර්මිකයන්ගේ අවදානම් ආවරණය කිරීමටයි කටයුතු කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දු 19වනදා පරීක්ෂණ කමිටුවට

Published

on

By

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved