Connect with us

පුවත්

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි දිවයිනට

Published

on

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය.

ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසුවේ ඔහු සමග 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණි බවයි.

ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා යන මහත්වරුන් ද ඊට ඇතුළත් ය.

මෙම පිරිස පිළිගනු ලැබුවේ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් ය.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා රටවල් 06 ක නිල සංචාරයකින් අනතුරුව මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ඔහු මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතය.

පුවත්

පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම්

Published

on

By

පොසොන්  සමයේ අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ පොසොන් පොහොයට පෙර නිම කිරීමට නොහැකි බැවින් මෙම පියවර ගන්නා බවයි.

හෝමාගම,   පිටිපන පාසල් හන්දියේ සිට සිංහ අරන දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීටර් 800ක දුරක් මාර්ගය සංවර්ධනය කෙරෙන අතර ඒ සදහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 13කි.

Continue Reading

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු නිමවීමට තව කල් යයි

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු එළඹෙන පොසොන් පොහොයට පෙර නිම කිරීමට හැකියාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු අගෝස්තු මාසය වනවිට නිමකළ හැකි බවය.

Continue Reading

පුවත්

වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමට ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved