ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ සහයෝගීතාවයෙන්, සති දෙකක කලාපීය පුහුණු වැඩසටහනක් පවත්වන ලදී
මෙම වැඩමුළුවේදී, බරපතළ ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති කෘත්‍රිම මත්ද්‍රව්‍ය සහ නව මනෝවර්තක ද්‍රව්‍ය, විශේෂයෙන් ෆෙන්ටනිල් සහ ඒ හා සමාන ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
පුහුණුව අවසානයේ පැවති උත්සවයකදී, එක්සත් ජනපද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩළයේ (NDDCB) සභාපති ආචාර්ය ඉන්දික වන්නිනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රේඩියන් ASAP මත්ද්‍රව්‍ය පරීක්ෂණ උපකරණය ශ්‍රී ලංකා බලධාරීන්ට භාර භාර දීම ද සිදුවිය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අරමුදල් ලද කලාපීය මුලපිරීමක් වන අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි කොටසක් ලෙස, දකුණු ආසියාව පුරා කෘත්‍රිම මත්ද්‍රව්‍ය හඳුනාගැනීම ශක්තිමත් කිරීමට, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා නීතිය බලාත්මක කිරීමේ කටයුතු පිළිබඳ කාර්යාංශය (INL), Colombo Plan සමඟ හවුල් වී ඇත.
සිය ජාතිකරසායනාගාරවල මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නවීනතම උපකරණ ස්ථාපනයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන
රටවල අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් කොළඹදී සති දෙකක විස්තීරණ පන්ති කාමර සහ ප්‍රායෝගික පුහුණුවකට සහභාගී වූහ.