Connect with us

පුවත්

ජල බෝතල් සමාගම් 9ක් තත්ත්ව පරීක්ෂාව මඟහැරලා

Published

on

ස්වභාවික ජල උල්පත් හෝ භූගත ජලය සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආයතන හා පුද්ගලයෝ සෑම මාස හයකට වරක් එම ජල මූලාශ්‍රයේ ජලය රජයේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කරවා ගත යුතු බවට වන නියමය නොසලකා හරිමින් සිටිති.

රජයේ පිළිගත් රසායනාගාරයකින් මාස හයකට වරක් ලබාගත යුතු එම වාර්තාවට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ද ලබාගැනීම අනිවාර්යයකි. ස්වභාවික ජල උල්පත් හෝ භුගත ජලය යොදාගෙන ජල බෝතල් කර්මාන්තයේ යෙදෙන හා බීම නිෂ්පාදනයේ නියැළෙන තැනැත්තන් විශාල පිරිසක් දිවයින පුරා සිටින නමුත් පසුගිය වසර වන විට ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි වී ඇත්තේ 42ක් පමණි. 

එම 42න්ද ඉහත ආකාරයට නියමිත වාර්තා අනුමැතියට ඉදිරිපත් කර ඇත්තේ 9ක් පමණක් යැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරගෙන තිබේ.

විෂ සහිත ද්‍රව්‍ය පරිසරයට එකතුවීම ශීඝ්‍රයෙන් සිදුවන හෙයින් ජල මූලාශ්‍රවල තත්ත්වය පරීක්ෂා කිරීම අනිවාර්ය වන නමුත් එම අනිවාර්ය අවශ්‍යතාව නිෂ්පාදකයන් පැහැර හැරීම පාරිභෝගිකයන්ට කරන හානියක් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජලසම්පත් මණ්ඩල ප්‍රකාශකයෙක් කීවේය.

(අරුණ)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved